උතුර රැකගන්න ඥානසාර හිමි මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ පදිංචියට

උතුර රැකගන්න ඥානසාර හිමි මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ පදිංචියට

Spread the love
  • 3.9K
  •  
  •  
  •  
    3.9K
    Shares

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥයන් පිරිසක් ශ්‍රී  ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උතුරු පළාතට අදාළ නොවන බවට කළ ප්‍රකාශය ගැන අතිශයින්ම කම්පාවට පත්වන බවද උතුරේ බොදු උරුමයන් රැකගැනීම වෙනුවෙන් තමන් වහන්සේ මුලතිව් ප්‍රදේශයේ පදිංචියට යෑමට තීරණය කළ බවද කියා සිටියහ. පොලිස් නිලධාරීන් බලා සිටියදීම ඉකුත් විසි දෙවැනි දින මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව මතට නැඟුණු පිරිසට එරෙහිව මේ වනතුරුත් නීතිය ක්‍රියාත්මක වී නැතැයි විහාරස්ථ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න මහතා ඊයේ (25දා) පැවැසීය. වාහන කිහිපයකින් පූසාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැමිණි අසූවක පමණ පිරිසක් ඊයේ (25දා) විහාර භූමියට ඇතුළු වී එහි පැය භාගයක පමණ කාලයක් ගතකොට ඡායාරූපද රැගෙන ආපසු ගිය බවත් තමන් වහන්සේ හමුවට නොපැමිණි බවත් ගුරුකන්ද විහාරාධිකාරි මිහිඳුපුර රතනදේවකිත්ති හිමියෝ පැවැසූහ.

(Visited 2,881 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!