උතුරේ දෙමළ ඇමතියා ඇවිත් මුලතිව් බෞද්ධ විහාරය ඉදිරිපිට තඟ දමමින් යකා නටයි (වීඩියෝ සහිතයි)

උතුරේ දෙමළ ඇමතියා ඇවිත් මුලතිව් බෞද්ධ විහාරය ඉදිරිපිට තඟ දමමින් යකා නටයි (වීඩියෝ සහිතයි)

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් පවිත්‍ර කිරීම සදහා භික්ෂූන් වහන්සේ පිරිසක්, පුරාවිද්‍ය නිලධාරීන් පිරිසක් සහා සිංහල ජනතාව පැමිණීමත් සමඟ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ඊයේ (04දා) සවස උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි. මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ අදාළ ප්‍රදේශ‍යේ පැරණි බෞද්ධ නටඹුන් සහිත ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් කැලෑවෙන් වැසී තිබෙන අදාළ පුරාවිද්‍ය ස්ථානය එළි කිරීමට ‍භික්ෂූන් වහන්සේලා දෙනමක්,පුරාවිද්‍ය නිලධාරීන් හා සිංහල ජනතාව පිරිසක් පැමිණීමත් සමඟ මුලතිව් ප්‍රදේශයේ දමිළ ජනතාව දැඩිලෙස නොසන්සුන්ව ඇති බවයි.දමිළ ජනතාවගේ භූමියේ සිංහල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට හා සිංහල ජනාවාස ඉදිකිරීමට අවස්ථාවක් නොදෙන බවට මුලතිව් දමිළ ජනතාව සඳහන් කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දැඩි විරෝධතාවයක් ඉදිරිපත් කොට ඇති බවද මුලතිව් ආරක්ෂක අංශ පැවසූහ.විරෝධතාවය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටි.රවිහරන් මහතා හා උතුරු පළාත් සභා කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය කන්දයියා ශිවනේෂන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!