“උතුරේ ජනතාව හමුදාවට ආස නෑ… එයාලා අපිට බරපතල ප්‍රශ්න ඇති කරනවා…” – විග්නේශ්වරන් ඔස්ට්‍රේලියාවට කියයි

“උතුරේ ජනතාව හමුදාවට ආස නෑ… එයාලා අපිට බරපතල ප්‍රශ්න ඇති කරනවා…” – විග්නේශ්වරන් ඔස්ට්‍රේලියාවට කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරේ සිටින හමුදාව අඩුකළ යුතු යෑයි උතුරේ මහ ඇමැති සී. විග්නේශ්වරන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ බ්‍රයිස්‌ හචිසන් සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. උතුරේ සංචාරයක නිරත ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ ඇතුළු දූත මණ්‌ඩලය සමඟ පැවැති සාකච්ඡාවේදී විග්නේශ්වරන් මේ බව පවසා තිබේ.
හමුදාව නිසා ප්‍රශ්න ඇතිවී තිබෙන බව සඳහන් කළ විග්නේශ්වරන් හමුදාව උතුරේ රැඳී සිටීම ද්‍රවිඩ ජනතාව පිළිගන්නේ නැතැයිද විග්නේශ්වරන් කියා සිටියේය.
රජය උතුරට බලය බෙදාහරින්නේ නැතැයිද ඔහු ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ හමුවේ පැමිණිලි කළේය. යුද හමුදාව අපිට බරතපළ ප්‍රශ්න ඇති කරන බව තමා ඕස්‌ටේ්‍රලියානු නියෝජිතයන් හමුවේ පැවසූ බවද විග්නේශ්වරන් සඳහන් කර ඇත.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!