“උතුරෙන් හමුදාව යවන අපේක්ෂකයා කව්ද ? අන්න එයාටයි අපේ සහාය” – මාවයි සේනාධිරාජා

Spread the love
  •  
  •  
  •  
  •  

මීළඟ ජනාධිපතිවරණයේදී උතුරින් සියලුම හමුදාව ඉවත් කිරීම සහ හමුදාව යටතේ ඇති ඉඩම් ආපසු දෙන බවට ගිවිසුමක්‌ මගින් ප්‍රතිඥවක්‌ දෙන ජනාධිපති අපේක්‍ෂකයාට සහාය දක්‌වන්නේ යෑයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.
බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ස්‌විට්‌සර්ලන්තයේ සංචාරයක යෙදී ඇති සේනාධිරාජා ද්‍රවිඩ ඩයස්‌පෝරාව සමග පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබේ.
මෙම ඉල්ලීම් ඇතුළත් කෙටුම්පතක්‌ ද්‍රවිඩ සංධානය සකස්‌ කිරීමට කටයුතු කරන අතර එය ඊට එකඟ වන ජනාධිපති අපේක්‍ෂකයාට ලබාදෙන බවද ආරංචි මාර්ග දක්‌වයි.
මේ අතර ස්‌විට්‌සර්ලන්තයේ දුර්ගා සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ පැවැති
රැස්‌වීමක්‌ ඇමතූ මාවයි සේනාධිරාජා සිය පක්‍ෂයේ එකම අරමුණ ද්‍රවිඩයන් යටතට උතුරේ පාලනය ගැනීම යෑයි ප්‍රකාශ කර තිබේ.
මාවයි සේනාධිරාජා මෙම ප්‍රකාශය කරන අවස්‌ථාවේ උතුරු පළාත් සභාපති සිවඥනම් දෙසැම්බර් 31 දාට පෙර උතුරින් හමුදාව ඉවත්ව යා යුතු බවට යෝජනාවක්‌ සම්මත කර ඇත.

(Visited 8 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!