විග්නේශ්වරන් ප්‍රධානව උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධානය  රැස් වෙයි

විග්නේශ්වරන් ප්‍රධානව උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධානය රැස් වෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු පළාතේ ජනතාවට පවතින ගැටළු විසදීම වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුව නිසි කි‍්‍රයාදාමක් ගෙන නොමැති බවත්,උතුරු පළාත් ජනතාවගේ ගැටළු වෙනුවෙන් දේශපාලන විසදුමක් නොලැබීම හා පළාත් සභාව වෙත පවතින බලතල සීමා සහිත වීම ගැටළුවක් වන බවත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.ස්විස්ටර්ලන්ත හා දකුණු අප‍්‍රිකානු විද්වතුන් පිරිසක් බලය බෙදාහැරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍රවරුන් දැනුවත් කිරීම සඳහා සම්මන්ත‍්‍රණයක් ඊයේ (18) යාපනය පුස්තකාල ශ‍්‍රවණාගාරයේදි පැවැත්වු අවස්ථාවට එක්වෙමින් ප‍්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.

වැඩසටහන් අවස්ථාවේදි වැඩිදුරටත් අදහස් දැක්වු විග්නේශ්වරන් මහතා පැවසුවේ මෙරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා තුළින් පළාත් සභාවන් වෙත අඩු සැළකිල්ලක් දක්වන බවයි. බලය බෙදාහැරීම,පළාත් සභා කි‍්‍රයාකාරීත්වය හා ප්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමය සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත හා දකුණු අප‍්‍රිකානු විද්වතුන් දේශන පැවැත්වු බව උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය නොවන සංවිධානයක් හා උතුරු පළාත් සභාව ඒකාබද්ධව අදාළ සම්මන්ත‍්‍රණය පැවැත්වීම සංවිධානය කළ යුතු බවයි.වැඩසටහන් අවස්ථාවට උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා ඇතුළු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍රවරුන් සහභාගි වී ඇත.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!