උතුරු ආණ්ඩුකාරවරයා ගැන මට විශ්වාසයි-සම්බන්ධන්

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු පළාත් ආණ්ඩුකාරයා ලෙස එච්.එම්.ජී.එස් පලිහක්කාර පත් කිරීම ගැන දෙමළ ජාතික සන්ධානය (සම්බන්ධන්) සතුට පල කරයි.

විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන්ද මීට පෙර කටයුතු කර ඇති එච්.එම්.ජී.එස් පලිහක්කාර දෙස් විදෙස්හි සේවය කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය දිනා ගත් නිලධාරියකු නිසා තමන්ට විශ්වාසය තබා කටයුතු කල හැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළේය.

ජනතා ඡන්දයෙන් තේරී පත්වූ උතුරු පළාත් සභාවට එහි කාර්යයන් ඉටු කිරීමේ වගකීම පැවරී ඇති බව කලින් සිටි ආණ්ඩුකාරයාට හෝ හිටපු රජයට අවබෝධ කර ගැනීමට නොහැකි වූ බව ඔහු කියා සිටියේය.

පලාත් සභාවට එහි සේවාවන් කරගෙන යාමට ඉඩ නොදුන්නා පමණක් නොව හිටපු ආණ්ඩුකාරයා හෝ හිටපු රජය ඒ සඳහා ඉඩ ලබා දීමට පවා අකමැති වූ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළේය.

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

 

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!