උතුම් පෝය දිනයේ පොළවේ ගැසූ දරු සෙනහස(වීඩියෝ)

උතුම් පෝය දිනයේ පොළවේ ගැසූ දරු සෙනහස(වීඩියෝ)

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

පවුල් ආරවුලක් අතර තුර මාස තුනක් වයසැති සිය බිළිඳා පොළවේ ගැසූ පුද්ගලයෙකු ප්‍රදේශවාසින් එක්ව ගසක බැඳ පහරදී නොච්චියාගම පොලිසියට භාර දී තිබෙනවා. පොලිසියට භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම, කටුපත්වැව, කබරගොයා වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වේ. පොලිසිය පවසන්නේ බිරිඳ සමඟ ඇතිවූ ආරවුලකදී සැකකාර සැමියා බිරිඳට පොල්ලකින් පහර දී ඇති අතර එම අවස්ථාවේ බිරිඳගේ අතේ සිටි දරුවාටද පොලු පහර වැදී ඇති බවයි. එහිදී බරපතල තුවාල ලැබූ බිළිඳා නොච්චියාගම මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බිළිඳා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

(Visited 53 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!