“ඊශ‍්‍රායලය ත‍්‍රස්ත රාජ්‍යයක්” – ඉවෝ මොරාලෙස්

Spread the love
  •  
  •  
  •  
  •  

ඉවෝඊශ‍්‍රායලය ත‍්‍රස්ත රාජ්‍යයක් බව බොලිවියානු ජනාධිපති ඉවෝ මොරාලෙස් පවසා තිබේ.  ඔහු පවසා ඇත්තේ ඊශ‍්‍රායලය විසින් දියත් කර ඇති ප්‍රොටෙක්ටිව් එජ් මෙහෙයුම විසින් ජාත්‍යන්තර ප‍්‍රජාවේ සාමකාමී සහ සුසංවාදී සහපැවැත්මට බාධා එල්ල කරන බවයි.

එයට විරෝධය පෑමක් ලෙස 1972දී ඇති කරගත් නිදහස් වීසා ගිවිසුමක් අහෝසි කරන බවද බොලිවියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එම ගිවිසුම මගින් ඊශ‍්‍රායල ජාතිකයන්ට වීසා නොමැතිව බොලිවියාවට ඇතුළු වීමට ඉඩකඩ සලසා තිබිණි.  මිනිසත් කමට එරෙහි අපරාධ සිදුකරන ඊශ‍්‍රායලයට එරෙහිව පියවර ගන්නා ලෙසද ඔහු එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහිව සිදුවන සාහසික ක‍්‍රියා ඉහළ යාම සමග චිලී සහ එල් සැල්වදෝර් යන ලතින් ඇමරිකානු රාජ්‍යයන් විසින්ද සිය තානාපතිවරුන් යළි කැඳවා තිබේ.

මින් පෙර ඉක්වදෝරය, බ‍්‍රසීලය සහ පේරු රාජ්‍යයන්ට ඊශ‍්‍රායලයේ සිටි සිය රාජ්‍ය තාන්ත‍්‍රිකයන් කැඳවාගනු ලැබිණි.

බොලිවියාව 2009දී ගාසා තීරයේ සිදුකළ ඊශ‍්‍රායල මෙහෙයුමකට විරෝධය දක්වමින් රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා අත්හිටුවන ලදී.

පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පාසලක රැඳී සිටි පලස්තීන සරණාගතයින් 20 දෙනෙකු ඊශ‍්‍රායලය විසින් එම පාසල ඉලක්ක කරමින් එල්ල කළ ෂෙල් ප‍්‍රහාරයක් හේතුවෙන් මියයාම සමග ලෝක ප‍්‍රජාව ඊශ‍්‍රායලය වෙත දැඩි විවේචනයක් එල්ල කරමින් ඇත.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!