ඊශ්‍රායලයට අවි සැපයීමට විරුද්ධව ලීජ් ගුවන්තොටුපලේ ලේ විලක්

Spread the love
  •  
  •  
  •  
  •  

බෙල්ජියමේ ලීජ් ගුවන්තොටුපළ ඊශ‍්‍රායලයට අවි සැපයීමට භාවිතා කරන බවට චෝදනා කරමින් බෙල්ජියම් ස්ත‍්‍රීවාදී ව්‍යාපාරයක් එහි ලේ රත් පැහැති සායම් ලීටර් 100ක් වත්කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් විසින් ගුවන්තොටුපළ පරිශ‍්‍රයේ නිර්මාණය කළ ලේ විල මගින් ඊශ‍්‍රායලය විසින් පලස්තීනුවන් ඝාතනය කිරීම නිරූපණය කර තිබේ.

මෙම විරෝධතාවයට ලිලිත් එස් නම් ස්ත‍්‍රීවාදී සංවිධානයේ සාමාජිකාවන් 6 දෙනෙකු සහභාගී වී ඇතැයි පැවසේ.  ඔවුන් සියලූදෙනාම පලස්තීන ධජයේ වර්ණ සහිත ටී ෂර්ට් ඇඳ සිට ඇති අතර ඒවාවල ත‍්‍රස්තවාදය යථාර්ථයක් සහ පලස්තීනයට නිදහස යන සටන් පාඨ සටහන් කර තිබී ඇත.

රුධිරය ලීටර් කීයකට අවි ටොන් කීයක්ද? ලෙසින් සටහන් කර තිබූ විරෝධතා බැනරයක්ද ඔවුන් එහිදී ප‍්‍රදර්ශනය කර තිබේ.

ලිලිත් එස් සංවිධානයේ ෆේස්බුක් අඩවිය පවසා ඇත්තේ මින් පෙර ඇමරිකාවේ සිට ඊශ‍්‍රායලයට අවි සැපයීමට භාවිතා කරන ලද්දේ නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම්හි ස්චිපොල් ගුවන්තොටුපළ බවයි.

2005-2006 කාලසීමාවේදී පුපුරණ ද්‍රව්‍ය මිලියන 160ක්, අවි මිලියන 17ක් සහ උණ්ඩ පතරොම් මිලියනයක්, කඳුළු ගෑස් වැනි ද්‍රව්‍ය ඇමස්ටර්ඩෑම් හරහා ඊශ‍්‍රායලයට යැවුණු බවත් 2006 ලෙබනන මෙහෙයුමේදී ඒවා භාවිතයෙන් දහසකට අධික පිරිසක් ඝාතනය කරනු ලැබූ බව ලිලිත් එස් පවසා තිබේ.

පසුව ස්චිපොල් ගුවන්තොටුපළ පරීක්ෂා කිරීම් වැඩි කෙරුණු පසු අවි ප‍්‍රවාහනය බෙල්ජියමේ ලීජ් හරහා සිදුකිරීම ආරම්භ කළ බව එම සංවිධානයේ අදහසයි.

9,264 Viewers
(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!