ඊයේ ඉංදියාව හෙල්ලූ මාලි IPL අතහැර ලංකාවට පැමිණ ගාලු පිටිය දෙවනත් කරයි-කඩුලු 07ක් දවා ගනී(වීඩියෝ)

ඊයේ ඉංදියාව හෙල්ලූ මාලි IPL අතහැර ලංකාවට පැමිණ ගාලු පිටිය දෙවනත් කරයි-කඩුලු 07ක් දවා ගනී(වීඩියෝ)

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් පළාත් එක්දින තරගාවලියේ අද (04) පැවති ගාල්ල සහ මහනුවර පළාත් අතර තරගයෙන් ලකුණු 156ක ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය. එහිදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 7ක් දවා ගැනීම විශේෂත්වයක්.කාසියේ වාසිය දිනු මහනුවර කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදී සියළු ක්‍රීඩකයින් දැවී ලකුණු 255ක් ලබා ගනු ලැබුවා. ලකුණු 256ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායමට ලසිත් මාලිංගගේ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 99ක් පමණි. ලසිත් මාලිංග විසින් මෙහිදී මහනුවර කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනෙක් ලකුණු 49කට දවා ගනු ලැබුවා.  ඊයේ පැවති IPL තරගයේදී මාලිංග ගේ අති විශිෂ්ට පන්දු යැවීම පහතින්…

(Visited 168 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!