“ඉපදුනු  මහපොළවට චුට්ටක් ආදරේ නැති අඳබාලයන්ගෙන් රටට වැඩක් නෑ”-නාමල්

“ඉපදුනු මහපොළවට චුට්ටක් ආදරේ නැති අඳබාලයන්ගෙන් රටට වැඩක් නෑ”-නාමල්

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

“පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මේ රටේ ජන ජීවිතය වෙනස් වුණා.පාසල මුරකරන්න දෙමාපියන්ට පාසල ළඟට යන්න වුණා.පන්සල මුල කරන්න දායක සභාවට පන්සල ළගට එන්න වුණා. පෝයට පන්සල් ආවේ නෑ.කණගාටුවට කාරණය ප්‍රහාරය වළක්වාගන්න තියෙනවා කියන කාරණයට වඩා සිද්ධිය වෙලා මාස දෙක තුනක් යන විටත් සිද්ධියට කවුද වගකියන්න ඕනෙ කියලා දෙගොල්ලෝ කඹ ඇදගන්නවා.කමිටු දානවා. කමිටුව වැරදි කියන්න තව කමිටුවක් දානවා.සිදුවීමට හේතු හොයන්න ගිහිල්ලත් මේ රට තවත් අරාජික අස්ථාවර තත්ත්වයට ඇවිල්ලා.එදා සෑම දහම්පාසලක්ම සංවර්ධනය කරන්න අපි මුදල් දුන්නා.අපි විශ්වාස කළා මේවට අවශ්‍ය මානව සම්පත අපි ගොඩනගන්න ඕනෙ.අන්තවාදීන් ගොඩනැගෙන්නේ රට, ලෝකය, සමාජය, ඉතිහාසය, අපේකම පිළිබඳව අවබෝධයක් නැති වුණාම.හැබැයි අන්තවාදීන් විසින් අද පාර්ලිමේන්තුව ගිලගෙන තියෙනවා.මේ රට සිංහල බෞද්ධ රටක් කියන එකට විවාදයක් නෑ.සමහර දේශපාලකයෝ තමන්ගේ මැතිවරණයේ ජය තහවුරු කරන්න මේ රටේ ජාතීන් අතර අර්බුදයක් නිර්මාණය කරනවා.පොළොවෙන් මතු වුණාට වැඩක් නෑ මහපොළවට ආදරේ නැත්නම්” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!