ඉපදුණු ගමන් පාළු පාරට දැමු බිලිඳිය

ඉපදුණු ගමන් පාළු පාරට දැමු බිලිඳිය

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

බිලිඳියක් ඉපදී පැය කිහිපයකට පසු දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු පාරක දමා ගොස් තිබියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත දඹුල්ල පොලිසිය මඟින් සොයාගෙන දඹුල්ල මූලික රෝහලට භාරදී තිබේ.ඊයේ (25දා) අලුයම 4.30ට පමණ දඹුල්ල මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් මත දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු ස්ථානයක මාර්ගය අයිනේ කුඩා වන ලැහැබක මෙම බිලිඳිය දමා ගොස් සිටියදී සොයාගත් බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවැසීය.කුඩා දියණිය මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එහි ප්‍රධාන හෙද සොයුරිය කියා සිටියේ ඇය නිරෝගී තත්ත්වයෙන් පසුවන බවයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!