“ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ගොඩබිමින් යා කරනවා” – ඇමැති කබීර් ඉස්ලාම් සමුළුවේදී කියයි

“ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ගොඩබිමින් යා කරනවා” – ඇමැති කබීර් ඉස්ලාම් සමුළුවේදී කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ගොඩබිමින් යා කරමින් පාලමක් ඉදිකිරීමේ හැකියාවක් ඇතැයි ඇමැති කබීර් හෂීම් ඉන්දුනීසියාවේ පැවැත්වෙන ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළුවේ දොළොස් වැනි සැසිය අමතමින් පැවැසීය.
මේ සම්බන්දයෙන් දෙරට අතර ඉහළම මට්ටමේ සාකච්ඡ පැවැත්වුණු බවද කී ඇමතිවරයා එවැනි පාලමකින් දෙරටේ වෙළෙද කටයුතුවලට විශාල පිටුවහලක් වනු ඇතැයිද කීය.
‘පාලම ඉදිකිරීමට සැලැසුමක් අපට තිබෙනවා එය ඉදිකිරීමේ හොද හැකියාවකුත් තිබෙනවා’ යැයිද ඇමතිවරයා එහිදී සදහන් කලේය.
නමුත් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ මන්ත‍්‍රින් අවස්ථා ගණනාවකදීම ඉන්දීය ඇමතිවරුන් උපුටා දක්වමින් මෙම පාලම ගැන ප‍්‍රශ්න නගද්දී ආණ්ඩුව පාර්ශවයෙන් තහවුරු කරන ලද්දේ එවන් පාලමක් සෑදමේ කිසිදු අදහසක් නැති බවත් කිසිදු සාකච්චාවක් සිදුව නැති බවත්ය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!