ඉන්දියාව ලංකාව යා කරන පාළම කඩිනමින් ඉදිකිරීමට ජයලලිතාගෙන් අතහිත

ඉන්දියාව ලංකාව යා කරන පාළම කඩිනමින් ඉදිකිරීමට ජයලලිතාගෙන් අතහිත

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිකිරීමට යෝජිත මාර්ගය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ මාර්ග, ප්‍රවාහන සහ නාවික අමාත්‍ය මිතින් ගත්කාරි පවසයි.
ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සමඟද සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර ඉදිකිරීමට යෝජිත මෙම මාර්ගය සඳහා වැය වෙන මුදල ඉන්දියානු රුපියල් කෝටි 23,000ක් ලෙස ගණන් බලා තිබේ.
ඉන්දියානු ආග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ දර්ශනයක් වන අසල් වැසි සියළු රටවල් සමඟ ගනුදෙනු තර කර ගැනීමේ පියවරක් ලෙස මෙම මාර්ග ඉදිකිරීම සිදුවන බව මිතින් ගත්කාරි අමාත්‍යවරයා පවසයි.
මෙම ව්‍යාපෘතිය සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් ද ප්‍රකාශ කර තිබේ.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!