“ඉන්දියාව ආප්ප කනකොට අපිත් ආප්ප කනවා… එයාලගෙයි අපෙයි වෙනසක් නෑ” – රාජිත

“ඉන්දියාව ආප්ප කනකොට අපිත් ආප්ප කනවා… එයාලගෙයි අපෙයි වෙනසක් නෑ” – රාජිත

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දීය විරෝධයක් ඇති කිරීෙමි කණ්ඩායමක් ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක බව සෞඛ්‍ය ඇමැති පවසයි.
හදිසි ප‍්‍රතිචාර ගිලන් රථ සේවාව කොළඹ ගාලු මුවදොර පිටියේ දී ඊයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරීෙමි අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලදි.
මෙහිදී ගිලන් රථ 88 ක් සේවාවට එක්වන අතර, ඒ සදහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 1100 ක්. වෛද්‍ය කාර්මිකයින් 250 ක් ඇතුළුව ශ‍්‍රී ලාංකිකයින් 550 කට මෙමගින් රැුකියා අවස්ථා උදාවී තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා
‘හදිසි ප‍්‍රතිචාර ගිලන් රථ සේවාව අත්‍යාවශ්‍ය කරුණක්. වර්තමානයේ රිය අනතුරු වැඩිවී තිබෙනවා. මෙම ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට සුදානම් වනවිට විරෝධතා මතු වුනා. ඒ සදහා තෝරාගත් කාර්ය මණ්ඩලය ඉන්දියාෙවි කේරළ ප‍්‍රාන්තයට පිටත් කර විශේෂ පුහුණුවක් ද ලබා දුන්නා. එම පිරිස ලංකාවට එනවිට මැලේරියා රැුගෙන එයි කියලා වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළා. මම එම වෛද්‍යවරුන්ට පිළිතුරු ලබාදුන්නා. කටුනායක ගුවන්තොටුපලේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක් පිහිටුවා තිබෙන්නේ ගුවන් මගීන් පරීක්ෂා කිරිමටයි. ෙමි වනවිට මෙම ගිලන් රථ රජයේ රෝහල්වල නතර කර පහසුකම් ලබාදෙන බවට එම වෛද්‍යවරුන් චෝදනා කරනවා. එම චෝදනා මම ප‍්‍රතික්ෂේප කරනවා. එක්තරා වෛද්‍ය සංගමයක ප‍්‍රධානියා ප‍්‍රකාශ කර තිබුනා ශ‍්‍රී ලංකාව පුණ්‍ය භූමියක් කියලා. බුදුන් වැඩිය මෙම පුණ්‍ය භූමිය ආරක්ෂා කළ යුතු බව ඔහු ප‍්‍රකාශ කළා. මම අහන්න කැමැතියි බුදුරජාණන් වහන්සේ ඉපදුන ඉන්දියාව කොතරම් පුණ්‍ය භූමියක් ද කියලා. ඊට වඩා හොද පුණ්‍ය භූමියක් මම දන්නේ නැහැ.
ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින වසර 2600 ක සබදතාවය ඊට වඩා වටිනවා. ශ‍්‍රී ලංකාවට බුදු දහම, කලා ශිල්ප, සංගීතයේ එන සරිගමපදනි ස්වර ලැබුනේ ද ඉන්දියාවෙන්. අපි ආප්ප කන විට ඉන්දියාෙවි ජනතාව ආප්ප කනවා. අපි බතුයි හොදියි කනකොට ඉන්දීය ජනතාවත් බතුයි හොදියි කනවා. ජාතීන් දෙක අතර වෙනසක් නැහැ. වසර 2600 ක් ගතවූවත් ඉන්දීය ශ‍්‍රී ලංකා සබධතා බිද වැට් නැහැ.”
වෛද්‍ය සංගම් ඉට්ටා ගිවිසුම ගැන කථා කරනවා. ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම 1987 දී අත්සන් කරන විටත් මෙවැනි විරෝධතා ආවා. බෝම්බ ප‍්‍රහාර එල්ල වුනා. නමුත් පළාත් සභා ක‍්‍රමයෙන් ලංකාවට යහපතක් සිදු වුනා. මෙවැනි ගිවිසුම් ඉදිරිපත් වනවිට ඉන්දීය විරෝධයක් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරනවා. මෙම ගිලන් රථ සේවාවට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විශාල මෙහෙවරක් ඉටු කළා. ඒ ගැන මම ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර තිබෙන මිතුදම සදාතනිකයි. ශ‍්‍රී ලංකාව ආසන්නයේ දැවැන්ත යෝධයෙක් ලෙස ඉන්දියාව සිටිීම ඉතා වැදගත්. ගිලන් රථ සේවාව තුළින් ඉන්දු ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය තවත් වර්ධනය වෙනවා. මෙම වැඩපිළිවෙලට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමග සාකචිඡුා කර එය මල්ඵල ගැන්වීමට කටයුතු කිරීම පිළිබදව ද මම ස්තූතිය පුද කරනවා.”
මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නිපුන් ඒකනායක

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!