ඉන්දියාවේ අහසින් වැටුණු අසුචි කුට්ටියේ කෑලි කඩන් ගෙදර ගෙනහින්.. දෙවියන් දුන් වස්තුවක්ලු…

ඉන්දියාවේ අහසින් වැටුණු අසුචි කුට්ටියේ කෑලි කඩන් ගෙදර ගෙනහින්.. දෙවියන් දුන් වස්තුවක්ලු…

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු ඉන්දියාවේ ‘හර්යානා’ ප්‍රාන්තයේ ගමකට ඇද වැටුණ අයිස් ගුලියක් ගුවන් යානයක වැසිකිලියකින් නිකුත් වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට ඉන්දීය බලධාරීහු සැක කරති.
කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති එම අයිස් කුට්ටිය පසුගිය සෙනසුරාදා විශාල ශබ්දයක් ඇති කරමින් හර්යානාහි ‘ෆෂිල්පූර් බද්ලි’ නම් ගම්මානයට වැටී ඇත.
එම ශබ්දයත් සමඟ ගම්වැසියන් කලබලයට පත් වූ බව ඉන්දීය වාර්තාවන්හි දැක්වෙයි.
“සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්‍යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා…”
“ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන විවේක් කාලියා (Vivek Kalia) අදහස් දක්වමින්, ඇතැම් ගම්වාසීන් එම අයිස් කුට්ටිය වෙනත් ලෝකයකින් කඩා වැටුන වස්තුවක් ලෙස සලකන ලද බවක් සඳහන් කළේය…”
ගුවන් ගමන්වලදී මිනිස් අපද්‍රව්‍ය ගබඩා වීමට යානාවන්හි විශේෂ ටැංකි නිමවා ඇත. ඒවා ඉවත ලනු ලැබීම කෙරෙන්නේ ගුවන් යානා ගොඩ බෑමෙන් අනතුරුවය.
එහෙත් ඇතැම් අවස්ථාවල ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීහු පිළිගනිති.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!