ඉදිරියේදී එන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුල් ආණ්ඩුවක්-අනුරට විපක්‍ෂ නායක ධුරය දෙන්න-විජිත

Spread the love
  •  
  •  
  •  
  •  

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට මීළඟ පාර්ලිමේන්තු වේ විපක්‍ෂ නායක ධුරයේ කටයුතු කිරීමට අවැසි බලය ලබා දෙන්නැයි එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්, දේශපාලන මණ්‌ඩල සභික විජිත හේරත් මහතා සමස්‌ත ඡන්දදායකයන්ගෙන් ඊයේ
(14 දා) ඉල්ලීමක්‌ කළේය.
ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස තෝරා පත්කර හරින මෙන්ද හෙතෙම ඉල්ලා සිටියේය.
“ජනතා විමුක්‌ති පෙරමුණට ලබාදෙන ඡන්දය ඔබේ අනාගත ආයෝජනයක්‌”  යෑයි ද එහෙයින් සීනුව ඉදිරියේ ඡන්දය සටහන් කරන ලෙස ද විජිත හේරත් මහතා සඳහන් කළේය.
ඉදිරියේදී බිහිවන හවුල් ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතික තත්ත්වයන් ඇතිවන බවත් එවිට ඊට විරුද්ධව ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.
විජිත හේරත් මහතා එම අදහස්‌ ඊයේ (14 වැනිදා) පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

[yop_poll id=”5″]

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!