“ඉතිහාසය වෙනස් කරන්න සිංහ පැටව් සුදානම්.. – ඉන්දීය ඉනිම නිමා කල පන්දුයවන්නන් අඩිතාලම දමයි”

“ඉතිහාසය වෙනස් කරන්න සිංහ පැටව් සුදානම්.. – ඉන්දීය ඉනිම නිමා කල පන්දුයවන්නන් අඩිතාලම දමයි”

Spread the love
  •  
  •  
  •  
  •  

අද දිනය ආරම්භයේ සිටම විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ ශ‍්‍රී ලංකා පන්දුයවන්නෝ කල්කටා ඊඩ්න් ගාර්ඩ්න් ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ප‍්‍රබල පිතිකරුවන්ගෙන් යුත් ඉන්දියාන කන්ඩායමේ ප‍්‍රථම ඉනිම ලකුනු 172කට සීමා කිරීමට සමත් වුහ.දෙවැනි දිනට(17 දා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 05කට ලකුණු 74ක් ලබා සිටි ඉන්දියානු කණ්ඩායමේ හයවැනි කඩුල්ල ලෙස ලකුණු 52ක් ලබා සිටි චිතේෂ්වර් පුජාරා දවා ගැනීමට ලහිරු ගමගේ සමත් විය.ඉන්දියානුවන්ව ඔසවා තැබීමේ බර කරට ගත් චෙස්‌ටවර් පුජාරා කදිමට දෝලනය වන ඊඩ්න් ගාර්ඩ්න් තණතීරුවේදී පන්දු 117 කදී හතරේ පහර 10 ක්‌ සමග එම ලකුණු සංඛයාව රැස්කිරීමට සමත් වුහ .ඉන් අනතුරුව පිටියට පිවිසි රවීන්ද‍්‍ර ජඩේජා කඩුලු රකින රිද්දිමාන් සාහා සමග එක්ව හත්වැනි කඩුල්ල සදහා ලකුණු 48ක සම්බන්ධතාවක් පැවැත්වු අතර ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීම හේතුවෙන් දැවී යන විට ලකුණු 22ක් ලබා සිටියහ.ජඩේජා දැවී යාමෙන් අනතුරුව යළි ක‍්‍රියාත්මක වුණු දිල්රුවන් ඉන්දියානු මුලු ලකුණු සංඛ්‍යාවට එක් ලකුණක් එක් වෙද්දී ලකුණු 29ක් ලබා සිටි රිද්දිමාන් සාහාගේ කඩුල්ලද බිද දැමූහ.ආරම්භයේ සිටම ඉන්දියානු පිතිකරුවන්ට දැඩි පිඩනයක් එල්ල කරමින් පන්දුයැවී සුරංග ලක්මාල් යළි ක‍්‍රියාත්මක වෙමින් ඉන්දියානු කණ්ඩායමේ නව වැනි කඩුල්ල ලෙස ලකුණු 13ක් ලබා සිටි බුනේෂ්වර් කුමාර් දවාගත් අතර ලහිරු ගමගේ ලකුණු 24ක් ලබා සිටි මොහාමඩ් සාමි දවා ගනිමින් ඉන්දියානු ප‍්‍රථම ඉනිම සීමා කිරීමට සමත් විය.අයහපත් කාලගුණයෙන් කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය පන්දු 71 කට සීමා විය.දෙවැනි දිනටත් දිවා ආහාරයට සුලු මොහොතකට පෙර වැසි කඩා හැලීමෙන් තරගය නවතා දැමීමට විනිසුරුවන් තීරණය කළද යළිත් තරගය ආරම්භ කිරීමට හැකි වාතාවරණයක්‌ නොවීමෙන් තරගය තේ පානයට පෙරම විනිසුරුවෝ දෙවැනි දිනය අතහැර දැමූහ. ඒ අනූව දින දෙකේදී පන්දුවාර 180 ක්‌ යෑවිය යුතු ටෙස්‌ට්‌ තරගයේදී මේ වන විට යවා ඇති පන්දුවාර සංඛ්‍යාව 32.5 කි.සුරංග ලක්‌මාල්ගේ පළමු පන්දු 46 දීම ලකුණු ලබා ගැනීමට ඉන්දියානු පිතිකරුවන්ට නොහැකි වෙද්දි ඔහු විසින් පළමු කඩුලු තුනම ඉන්දියානුවන්ට අහිමි කර දැමුවේය. අනතුරුව පන්දුව අතට ගත් දසුන් ශානක තවත් කඩුලු දෙකක්‌ බිඳ දමමින් ඉන්දියානුවන්ව තවත් පීඩනයකට ඇද දැමුවේය.ලක්‌මාල් පන්දු ඕවර 7.4 ක්‌ යෑවීමෙන් පසුව ඉන්දියානුවන්ට ලකුණක්‌ ලබා ගැනීමට හැකි වෙද්දී ඔහු විරාඡ් කෝලි, ෂිකර් ධවාන් සහ ලොකේෂ් රාහුල් තිදෙනාවම දවා ගැනීමට සමත් විය. මීට පෙර ටෙස්‌ට්‌ තරගයකදී පළමු පන්දු ඕවර සංඛ්‍යාවෙන් වැඩිම පන්දු සංඛ්‍යාවක්‌ ලකුණු ලබා නොදීමට සමත්ව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ ජෙරමි ටේලර්ය. ජෙරමි ටේලර් 2001 දී ජැමෙයිකාවේදී ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව පළමු පන්දු 40 ම කිසිදු ලකුණක්‌ ලබා නොදී යෑවීමට ඔහු සමත් විය.ඉන්දියානු පළමු පිතිකරුවන් පස්‌දෙනා වූ ලොකේෂ් රාහුල් (00), ෂිකර් ධවාන් (08), විරාඡ් කෝලි (00) අජින්කෙයා රහනේ (04) සහ රවීචන්රීන් අශ්වින් හට ඉන්දියානු ලකුණු පුවරුවට දායාද කළ හැකි වූයේ ලකුණු 16 ක්‌ පමණි.ඉන්දියානු ප‍්‍රථම ඉනිම – සියල්ල දැවී ලකුනු 172 (පන්දුවාර 59.3)චිතේෂවර් පුජාරා 52, රිද්දිමාන් සාහා 29, මොහොමඩ් සාමි 24, සුරංග ලක්මාල් 4/26, දිල්රුවන් පෙරේරා 2/19, දසුන් ශානක 2/36 ,ළහිරු ගමගේ 2/59

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!