“ඉතා කෙටි කාලෙකින් රට සංවර්ධනය කරපු එකම රජය මෙයයි…” – රනිල්

“ඉතා කෙටි කාලෙකින් රට සංවර්ධනය කරපු එකම රජය මෙයයි…” – රනිල්

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

කෙටි කාලයක් තුළ දී වැඩිම සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාවට නංවා ඇත්තේ වත්මන් රජය යටතේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ග්‍රාම නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට අරලියගහ මන්දිරයේදී ඊයේ (22) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
තෙල් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම නිසා රුපියලේ අගය අඩුවන බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.
අපනයනික ආර්ථිකයක් රට තුල නොමැති නිසා මෙම ගැටළුවට මුහුණ දීමට විදේශ විනිමය වශයෙන් කොටසක් ණයට ගැනීමට සිදු වන බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.
මෙයට පිලියම් වශයෙන් රටේ ආර්ථීකය ශක්තිමත් කිරිම සඳහා විවිධ වු ව්‍යාපෘති ලක්ෂයට අධික සංඛ්‍යාවක් බිම් මට්ටමින් රජය විසින් සිදු කරණ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!