ඉතාලියේ දුම්රිය දෙකක් ගැටීමෙන් 2 මරුට

ඉතාලියේ දුම්රිය දෙකක් ගැටීමෙන් 2 මරුට

Spread the love
  •  
  •  
  •  
  •  

දකුණු ඉතාලියේ මගී දුම්රිය දෙකක් එකට එක ගැටීමෙන් පුද්ගලයන් විසි දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදු වී ඇත.
ඉතාලියේ අන්ද්රියා ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක මුහුණට මුහුණලා ගැටුණු දුම්රිය දෙකේ ගමන් ගත් මගීන් ගලවා ගැනීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතියි.
අනතුර සිදු වූ අවස්ථාවේ එක දුම්රියක් එහි උපරිම බලයෙන් ධාවනය වෙමින් තිබුණු අතර අනතුරෙන් දුම්රිය දෙකේම පළමු මැදිරි සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙන අයුරු දැක්වෙන රූප රාමු මාධ්‍ය විසින් පළ කොට තිබුණි.
එකම දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් ගමන් කිරීමට හේතු වූ කරුණු පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරඹා ඇති බවයි ඉතාලි බලධාරීන් පවසන්නේ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!