ඉගෙන ගන්න හපන් සක්විතිගේ දරු දෙදෙනාට ශිෂ්‍යත්ව

Spread the love
  •  
  •  
  •  
  •  

රුපියල් බිලියනයකට වැඩි මුදල් වංචාවකට ලද චෝදනා මත දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සක්විති රණසිංහගේ දරු දෙදෙනාට ඔවුන් රඳවා ඇති ළමා නිවාසයෙන් ශිෂ්‍යත්ව ලබා දී තිබේ.

පරිවාස නිළධාරිණී මොනිකා ජයසිංහ මහත්මිය ඇතැයි නුගේගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා වෙත මේ බව දැනුම් දෙමින් කියා සිටියේ දරු දෙදෙනා ඉගෙනීමේ කටයුතු හා අනිකුත් ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් දක්වන සුවිශේෂ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම ශිෂ්‍යත්ව පිරි නමා ඇති බවය.

දරු දෙන්නාගේ පාසල් ප‍්‍රගති වාර්තා විශිෂ්ට ප‍්‍රතිඵල දක්වන බවත් දරු දෙදෙනාට ජාත්‍යන්තර පාසලක ඉගෙනීමේ පහසුකම් ලබා දී ගමන් පහසුකම් හා අනිකුත් සියලූම වියදම් ලබා දීමට ළමා නිවාසය පියවර ගෙන ඇති බව ඇය සඳහන් කර ඇත.

(Visited 9 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!