“ඇෆ්ගනිස්තානය , අයර්ලන්තයත් අපිව පහු කරනවා”- මහේල කියයි

“ඇෆ්ගනිස්තානය , අයර්ලන්තයත් අපිව පහු කරනවා”- මහේල කියයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

මහේල ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තුල සිදුවිය යුතු වෙනස්කම් කිහිපයක් පිලිබදව අදහස් පල කර තිබෙනවා.ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන්ගේ ගුණත්වය පිලිබදව ප්‍රශ්නයක් තිබෙන බවයි.අන්තර් සමාජ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ ගුණාත්මක භාවය ඉහල නැංවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් තුලට ඔවුන්ට පැමිණීමට නියමිත කාලයක් දිය යුතු බවද ඔහු සදහන් කර සිටියා.තවද ශ්‍රී ලංකා ක්‍රිකට් වෘත්තීය මට්ටමට පැමිණ නොමැති බවත් අප තවමත් සිටින්නේ අර්ධ වෘත්තීය මට්ටමේ බවත් ඔහු පවසා සිටියා.පසුගිය අවුරුදු 15 පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට් ගත යුතු නිසි තීරණ නොගත් බවද ඔහු සදහන් කර සිටියේය.දක්ෂ ක්‍රීඩකයෙක් දැක්ක ගමන් ඔහුව කණ්ඩායමට ඇතුලත් කරන බවත් ඔහුගේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට කාලයක් නොමැති බවත් ඔහු සදහන් කර සිටියා.අවුරුදු 15 ක තුල අප දක්ෂ ක්‍රීඩකයන් බිහිකරන තත්වයට ගියානම් අද මෙලෙස තත්වයක් ඇති නොවන බවද ඔහු කියා සිටියේය.ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික වුවත් ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය මේ දේය පසුගිය කාලය පුරාවටම සිදු කල බවත් එහි ප්‍රතිඵල ඔවුන් මේ වන විට අත්දකින බවත් සදහන් කර සිටියා.අප දැන්වත් දක්ෂ ක්‍රීඩකයන්ට බිහිවීමට ඉඩ ලබා නොදුන්නොත් ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තයද අපව පසුකර යන දිනය වැඩි ඇතක නොවන බවද ඔහු වැඩි දුරටත් සදහන් සිටියේය.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!