ඇල්ලු මත්පැන් තොගයෙන් බෝතල් 800ක් ආගිය අතක් නැහැ

Spread the love
  •  
  •  
  •  
  •  

බොරැල්ල ප‍්‍රදේශයේ නිවසක තිබී ඉකුත් දා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගයෙන් 800ක් පමණ අස්ථානගතව ඇතැයි පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පොලිස් මූලස්ථාන අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මත්පැන් බෝතල් 18,326ක් මෙම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය විසින් මෙම මත්පැන් බෝතල් තොගය සැප්තැම්බර් 05 වැනිදා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

 

කෙසේවෙතත් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මත්පැන් බෝතල් 17,511ක් බවයි ඒවායේ හිමිකරුවා වන කමල්ඩින් රිස්වාන් නමැත්තා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත්තේ. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ පිළිබඳ පරික්‍ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!