“ඇමැතිකමට වඩා සංහිදියාව තමා මට ඕනා…නැත්තන් ඇමතිකම අත්හරිනවා” – ගනේෂන්

“ඇමැතිකමට වඩා සංහිදියාව තමා මට ඕනා…නැත්තන් ඇමතිකම අත්හරිනවා” – ගනේෂන්

Spread the love
  •  
  •  
  •  
  •  

සිය අමාත්‍යංශයට භාරව ඇති සංහිඳියා විෂයට අදාළ වැඩ කටයුතු බාධාවකින් තොරව කර ගෙන යාමටත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට දායකත්වය ලබා දීමටත් නොහැකි නම් තමන්ගේ ඇමති ධුරයෙන් ඉවත් වීමට සුදානම් බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.
මින් සති දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නමින් කැබිනට් සන්දේශයක් ඉදිරිපත් වූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග භාරව සිටින ජාතික ඒකාබද්ධතාව සහ සංහිඳියා කාර්යාංශයෙන් (ONUR) එම පත්‍රිකාව සකසන ලද බවයි අමාත්‍ය මනෝ ගනේෂන් පවසන්නේ.
සංහිඳියා විෂය සම්බන්ධයෙන් අමාත්‍යංශ කීපයක් කටයුතු කරන බැවින් ජාතික සංහිඳියා ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නේ නම්, ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය සමගත් එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තමන් සමගත් සාකච්ඡා කළ යුතුව ඇති බව තමා ජනාධිපතිවරයාට දැනුම් දුන් බව මනෝ ගනේෂන් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!