ඇමරිකාවේ සමලිංගිකයන්ගේ සමාජ ශාලාවකට වෙඩි ප්‍රහාර… බොහෝ පිරිසක් තුවාල ලබා හෝ ජීවිතක්ෂයට..

ඇමරිකාවේ සමලිංගිකයන්ගේ සමාජ ශාලාවකට වෙඩි ප්‍රහාර… බොහෝ පිරිසක් තුවාල ලබා හෝ ජීවිතක්ෂයට..

Spread the love
  •  
  •  
  •  
  •  

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ, ඔර්ලෑන්ඩෝ හි රාත්‍රී සමාජශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් බොහෝ පිරිසක් තුවාල ලබා හෝ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි, ඔර්ලෑන්ඩෝ නගර මධ්‍යයේ පිහිටි සමලිංගිකයන්ට වෙන්වූ මෙම රාත්‍රී සමාජශාලාව තුළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට ඝාතනය කර ඇති බවයි.
මේ අතර, බෝම්බ නිශ්ක්‍රීය අංශයන්ද මේ ස්ථානයට පැමිණ ඇති අතර, මෙම වෙඩි තැබීමට පෙර එල්ල කරන ලද බෝම්බයක් ඔවුන් නිශ්ක්‍රීය කර තිබේ.
සමාජශාලාව තුළ සිටින පිරිස් තම ඥාතීන් වෙන දුරකථන හා කෙටි පණිවුඩවලින් සිද්ධිය දැනුම්දී ඇති අතර, බොහෝ දෙනෙකු වෙඩි වැදී සිටි බව කියැවෙයි.
එමෙන්ම, ප්‍රහාරයට පැමිණි පුද්ගලයා වෙඩි ප්‍රහාර 20කට වඩා ඒ තුළදී එල්ල කර ඇති බවද වාර්තා වෙයි. මේ අතර, ප්‍රහාරකයා මරාගෙන මැරෙන ඇඳම් කට්ටලයක් ඇඳ සිටි බවටද මුලින් සැක කෙරුණත් එවැන්නක් නොතිබූ බවද කියැවෙයි.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 100කට වැඩි පිරිසක් සමාජ ශාලාව තුළ සිටි බවද විදෙස් වාර්තා පවසයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!