ඇමති ෆයිසර් නානා “නැමෙයි”… – මාසයක් ඇතුලත වාර්තාව ගැසට් කරන බව උසාවියට කියයි

ඇමති ෆයිසර් නානා “නැමෙයි”… – මාසයක් ඇතුලත වාර්තාව ගැසට් කරන බව උසාවියට කියයි

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

පළාත් පාලන සීමා නිර්ණ අභියාචනා කමිටුවේ වාර්තාව මාසයක්‌ ඇතුළත ගැසට්‌ මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදන බව පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සිය නීතිඥවරයා මඟින් ඊයේ (30 දා) ශේ්‍රෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඉන් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් පියවර ගනු ඇතැයි ද ඔහු කියා සිටියේය.
අමාත්‍යවරයා එසේ උසාවිය දැනුවත් කළේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම දිගින් දිගටම කල් දැමීමට එරෙහිව ‘පැෆරල්’ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දෙවැනි දිනටත් කැඳවූ අවස්‌ථාවේදීය.
පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්වරුන් ඇතුළු 5 දෙනකුට එරෙහිව පෙත්සම ගොනු කර තිබිණි.
ප්‍රියසාද් ඩෙප්, උපාලි අබේරත්න සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බලන ලදී.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, පළාත් පාලන ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!