ඇමති සමරු පලකය විවෘත කර තිර රෙදි කැබැල්ල රැගෙන යයි…මහ ඇමතිට කඩදාසියක් තියලා…

ඇමති සමරු පලකය විවෘත කර තිර රෙදි කැබැල්ල රැගෙන යයි…මහ ඇමතිට කඩදාසියක් තියලා…

Spread the love
  •  
  •  
  •  
  •  

දමන ප‍්‍රාදේශීය සභාවේ හිගුරාන සතිපොළ අද උදෑසන විවෘත කර ජනතා අයිතියට පත් කිරීම සඳහා පාර්ශව දෙකක් පැමිණීම හේතුවෙන් සංවිධායකයින් දැඩි අපහසුතාවයකට පත් විය.
දමන ප‍්‍රාදේශීය සභාවේ නිළධාරින් මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කර නැගෙනහිර මහ ඇමති නසිර් අහමඩ් එනතෙක් පෙරමග බලා සිටියත් ඊට පෙර ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ සහ ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ පැමිණියේය. ඒ මොහොතේ අසරණ වු සංවිධායක මණ්ඩලය බෙර ගසමින් දයා ගමගේ ඇතුළු පිරිස පිළිගෙන සතිපොළ විවෘත කිරීම සඳහා කටයුතු සළසා දුන්නේය.
එම අවස්ථාවේ දයා ගමගේ ඇමතිවරයා එම ස්ථානයෙන් නික්ම යන විට ඔහුගේ ආධාරකරුවන් විවෘත කළ සමරු ඵලකයේ තිර රෙදි කැබැල්ල සහ එම සමරු ඵළකයේ රෙදි කැබැල්ල සවි කළ ආධාරකය ගලවාගෙන රැගෙන ගියේය.
කෙසේවෙතත් දයා ගමගේ ඇමතිවරයා සහ පිරිස ඉන් පිටව ගිය පසු නැගෙනහිර මහඇමති නසිර් අහමඩ් පිරිසකුත් සමග එම ස්ථානයට පැමිණියේය. එම අවස්ථාවේ නැවතත් සංවිධායක මණ්ඩලය විසින් පිළිගැනීමේ කටයුතු සිදු කරමින් එම පිරිසද කැඳවාගෙන සමරු ඵලකය වෙත ගියේය. එම අවස්ථාවේ සමරු ඵළකය ආවරණය කර තිබුණේ කඩදාසියකිනි. ඒ අනුව මහඇමතිවරයා නැවතත් එම කොල කැබැල්ල ඉවත් කර දෙවන වතාවටත් සමරු ඵලකය විවෘත කළේය.
පසුගිය රජය සමයේ රුපියල් කෝටි තුනහාමරකට අධික මුදලක් වැය කරමින් නෙල්සිප් ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදිකරන ලද දමන ප‍්‍රාදේශීය සභාවේ හිගුරාන සතිපොළ මීට වසරකට ආසන්න කාලයක සිට වෙළදුන් විසින් වෙළදාම් කටයුතු සඳහා භාවිතා කළ ස්ථානයක් බවයි වෙළඳ ප්‍රජාව පැවසුවේය.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!