“ඇමති ඩිලාන්ට පාඩම් කියා දුන් විරවංශ එකම මේසයේ වාඩි වූ අපුරුව..” (VIDEO)

“ඇමති ඩිලාන්ට පාඩම් කියා දුන් විරවංශ එකම මේසයේ වාඩි වූ අපුරුව..” (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුලු පක්ෂ සාමාජිකයින් පිරිසක් ජනාධිපති නිල නිවසේදී ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.එහිදී ජාතික නිදහස් පෙරමුණ, ජාතික වැදගත්කමක් සහිත මූලික ගැටළු 3ක් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ලිපියක්ද භාර දෙනු ලැබුවා.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාව, ආණ්ඩුව ඇතැම් පනත් සම්මත කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය සහ ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට ඇති ජාත්‍යන්තර වුවමනාව මෙන්ම මහා සංඝරත්නයට එරෙහිව නින්දා අපහාස සිදුකිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙම ලිපියෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරාද එක්ව සිටියා.


(Visited 4 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!