“ඇන්ටන් බාලසිංහම් සහ රනිල් යන දෙන්නම වීරයෝ…” – නෝර්වේ හිටපු ඇමති

“ඇන්ටන් බාලසිංහම් සහ රනිල් යන දෙන්නම වීරයෝ…” – නෝර්වේ හිටපු ඇමති

Spread the love
  •  
  •  
  •  
  •  

ශ‍්‍රි ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා කොටි සංවිධානයේ හිටපු න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සාම වීරයන් සේ සලකන්නේ යයි හිටපු නියෝජ්‍ය විදේශ අමාත්‍ය වීඩාර් හෙල්ගසන් පවසයි. ඔහු එසේ පැවසූයේ මාර්ක් සෝල්ටර් විසින් රචිත ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියේදී නෝර්වේ රාජ්‍යයේ දායකත්වය අලලා සැකසූ ‘සිවිල් යුද්ධයක් නිමකිරීම’ නම් කෘතිය එළිදැක්වීම සඳහා ලන්ඩනයේදී පැවති උත්සවය අමතමිනි.
යුද්ධයේ අවසන් දින කිහිපයේ කොටි සාමාජිකයන් යටත් වීමටත් ඔවුන් භාරගැනීම සඳහා නෞකාවක්ද සූදානම් කර තිබූ නමුත් ප්‍රභාකරන්ගේ හා කොටි ඔත්තු අංශයේ ප්‍රධානි පොට්ටු අම්මාන්ගේ භාරවීමට අමෙරිකාව යෝජනා ගෙන ආ නමුත් යුරෝපා සංගමය, නෝර්වේ, ඉන්දියාව සහ ජපානය ඊට සූදානම්ව නොසිටි බවත් හෙල්ගසන් පවසා ඇත. අන්තර්ජාතික බලවතුන්ගේ එම යටත්වීමේ යෝජනාවට කොටි නායකත්වයේ අනුමැතිය පලවූයේ නම් එය ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නොතිබූ බවද හෙතෙම තවදුරටත් පසඳහන් කළේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සංහිඳියාවක් නොතිබීම නිසා 2002 වසරේදී කොටි සංවිධානය හා ශ‍්‍රී ලංකා රජය අතර ආරම්භ වූ සාම ක්‍රියාදාමය බිඳවැටුනු බව හෙල්ගසන් සිය දේශනයේදී තවදුරටත් පෙන්වා දුන්නේය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!