ඇදිරිනීතිය තෙක් අවුලෙන් අවුලට ගිය හාලවත රෙදි වෙළෙන්දාගේ FB පළකිරීම

ඇදිරිනීතිය තෙක් අවුලෙන් අවුලට ගිය හාලවත රෙදි වෙළෙන්දාගේ FB පළකිරීම

Spread the love
  • 185
  •  
  •  
  •  
    185
    Shares

හලාවත මුස්ලිම් රෙදි කඩයට ප්‍රකෝපව පැමිණි පිරිසෙන් තවත් කොටසක් ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරිමේ මධ්‍යස්ථානය ලෙස හලාවත වට්ටක්කුලිය ප්‍රදේශයේ  පවත්වා ගෙන ගිය නිවසකටද අද දවල් ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තාවේ.එම නිවසේ තාප්පය පෙරලා බිම දමා වත්තට ඇතුළු වී  නිවසේ ජනේලවීදුරු වලට පහර දුන් බවද වාර්තාවි ඇත. ශ්‍රී ලංකා තව්හීත් ජමාත් (SLTJ) යනු පසුගියදා රජය තහනම් කළ බව පැවසුන සහරාන්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානය (NTJ) නොවේ. අද 12 ඉරිදා උදෑසන හලාවත නගරයේ නොසන්සුන් වූ පිරිස විසුරුවන්න අහසට වෙඩි තැබීමට හමුදාවට සිදුවූ අතර හෙට උදෑසන දක්වා අඳිරි නීතිය පනවන්නට මේ වනවිට කටයුතු කර තිබේ.වාර්තාවන ආකාරයට හලාවත බසාර් වීදියේ පිහිටි හස්මාර්ස් නමැති මුස්ලිම් වයාපාරික රෙදි වෙළෙඳ සැලේ හිමිකරු බව පැවසෙන හස්මාර් හමීඩ් නමැති පුද්ගලයෙකු සිය මුහුනු පොතේ තැබූ සටහනකින් “උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” ලෙස දන්වා තිබේ.එයට විශාල වශයෙන්  නොසන්සුන් තාවයක් ඇතිවිය.

(Visited 2,054 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!