ඇතුලේ කල ෆොටෝ ෂූට් එකක් නිසා මන්ත්‍රී ලේකම් අත්අඩංගුවට

ඇතුලේ කල ෆොටෝ ෂූට් එකක් නිසා මන්ත්‍රී ලේකම් අත්අඩංගුවට

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව මහඅධිකරණය තුළ සිර මැදිරියේ ඇප කොන්දේසි පුර්ණ කරන තුරු රඳවා සිටි අවස්ථාවේදී ජංගම දුරකථනයකින් ඔහුගේ ඡායාරුප ගත් මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලේකම්වරයා ඊයේ (18 ) දින පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. ඉකුත් ජනාධිපති මැතිවරණ සමයේ එනම් 2015 ජනවාරි 03 දින අරලගංවිල නගරයේදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට පහර දී වෙඩි තබා මිනි මැරීමට තැත්කිරීම සහ සාපරාධි බිය ගැන්වීමක් පිළිබඳව චෝදනා ලැබ සිටි රොෂාන් රණසිංහ මහතා ඇතුළු වග උත්තරකරුවන් 07 දෙනෙකුට එරෙහිව නිතීපතිවරයා විසින් පොළොන්නරුව අධිකරයේ ගොනු කළ නඩුවක් ඊයේ කැඳවීය.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!