“ඇත්තටම මට කණගාටුයි”-මහින්ද කණගාටුවෙන්

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස හැඳින්වෙන එක්සත් ජාතික පක්ෂයට අත්වී තිබෙන ඉරණම ගැන කනගාටුවට පත්වන බව හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය. මේ වනවිට ඇති වී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එතරම් හිතකර නොවන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට නම් ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ තිබිය යුතු බවත් ඒවායේ අභ්‍යන්තර ගැටුම් උග්‍රවීම පක්ෂ දේශපාලනය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසයටද යම් බලපෑමක් එල්ල විය හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

(Visited 68 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!