ආදී ශිෂ්‍ය හිතවත්කමට හා ආගම් වාදයට යට වූ මාලිංග ගේ ක්‍රිකට් ඉරණම

ආදී ශිෂ්‍ය හිතවත්කමට හා ආගම් වාදයට යට වූ මාලිංග ගේ ක්‍රිකට් ඉරණම

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා. ලොව තරගකාරීම ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රීමියර් ලීගය පවා තවමත් ක්‍රීඩා කරනා ලසිත් මාලිංග එහිදි විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටියි. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට තෝරා ගන්නේ ලොව සුපිරිම දක්ෂයන් පමණක් වන අතර එම ලීගයට තෝරා ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මාලිංග ය. කණ්ඩායමේ නායකත්වය හා ක්‍රීඩකයන් තෝරා ගැනීම ආගම් පදනමෙන් හෝ පාසල් ආදි ශිෂ්‍ය පදනමෙන් සිදු කළහොත් තමන් එයට විරුද්ධ බවත් මාලිංග මින් පෙර ප්‍රකාශ කර තිබුනා.මේ අනුව තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ලසිත් මාලිංග ඊයේ දින සිය හිතවතුන්ට වට්ස්ඇප් ඔස්සේ පණිවිඩයක් යොමු කරමින් කියා තිබුනා. කෙසේ වෙතත් මාලිංග මේ පිළිබඳව කිසිදු අවසන් තීරණයක් තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!