“ආණ්ඩුවෙන් සිරගත කළ සියලු රණවිරුවන් මා නිදහස් කරනවා”-ගෝඨාභගෙන් ප්‍රකාශයක්

“ආණ්ඩුවෙන් සිරගත කළ සියලු රණවිරුවන් මා නිදහස් කරනවා”-ගෝඨාභගෙන් ප්‍රකාශයක්

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරෙදි පැවති ජනහමුවේදී වේ.එහිදී අදහස් දැක්වූ ඒ මහතා ..” ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා: ජනතාව කවදාවත් රාජපක්ෂවරුන්ට කවදාවත් විරුද්ධ වුණේ නැති බව මම සඳහන් කරනවා. අපට සහාය දෙන්නට මෙම ස්ථානයට පැමිණ සිටින සියලු දෙනාටම මම ස්තූති කරනවා. මිලිටරිකාරයා, ආමිකාරයා, නේවිකාරයා කියපු යුගය 2005 මහින්ද ජනාධිපතිතුමා යටතේ අවසන් කළා. මේ රණවිරුවන්ව දංගෙට ගෙනියන්නට විජාතික බලවේග උත්සාහ කළා. මගේ පාලනයක් යටතේ මේ ආණ්ඩුවෙන් සිරගත කළ සියලු රණවිරුවන්ව නිදහස් කරන බව මම ප්‍රකාශ කරනවා. මම, මහින්ද රාජපක්ෂ මහතා මේ රට භාරගන්නා කාලයේදී මෙතැනින් හැතැප්ම 25කට එහායින් තිබුණේ ත්‍රස්තවාදී පාලනය යටතේ. අපිට පන්සලකට, පල්ලියකට යන්න හැකි නිදහස අද මේ ආණ්ඩුව නැති කර දමලා තිබෙනවා. රණවිරුවන් සමඟ අපි එදා තිබුණු ත්‍රස්ත බිය අවසන් කර දැමුවා. 16 වැනිදාට ඉටු කරන්නට මගේ යුතුකම නැවත සුරක්ෂිත රටක් කරන්නයි. මේ ආණ්ඩුවේ උපදේශකයන් රටේ ජනතාව ගැන දන්නේ නැහැ. ඒ  නිසයි ආණ්ඩුව කෘෂිකර්මයට කුඩම්මාගේ සැලකිල්ල දුන්නේ. එදා වගා ණය දුන්නා. වීවලට සහතික මිලක් දුන්නා. එදා කෘෂිකර්මයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය නිසා කෘෂිකර්මාන්තය නඟාසිටුවුණා. එදා දින 52 ආණ්ඩුව ගත්ත වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා පොහොර සහනාධාරය නැවත ලබා දුන්නා. ගම්මිරිස් ඇතුළු හැම භෝගයකම ආදායම අඩු වෙලා. අපිට අවශ්‍ය  ගොවි ජනතාව යළි නඟාසිටුවන්නටයි. අපිට අවශ්‍ය අනාගතය දිහා බලන්නට. ඒ නිසා මේ රට ස්වයංපෝෂිත කළ යුතුයි. අපේ රටේ දුෂ්කර පළාත්වල ජීවත් වන දිළි¾දුබවේ පහළ මට්ටමේ සිටින ජනතාව ඉහළට ගන්නට ඕන. අපි දන්නවා ගොවි මහත්වරුන් කවදත් දුප්පත්, ඔවුන්ගේ ආර්ථික මට්ටම වැඩි කරන්නට අපි කටයුතු කරන බවත් සදහන් කළ යුතුයි. “

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!