“ආණ්ඩුවෙන් තවත් එනවා…” – රාජිත

Spread the love
  •  
  •  
  •  
  •  

පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්‌වීම පිණිස ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරුන් 5 දෙනකු සහ තවත් දේශපාලනඥයන් පිරිසක්‌ ඉදිරි දින 5 ඇතුළතදී ආණ්‌ඩුවෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉදිරි දිනවල පැවැත්වෙන ප්‍රධාන ජන රැලිවලට ආණ්‌ඩු පක්‍ෂයෙන් පැමිණෙන මැති ඇමැතිවරුන් එක්‌වීමට නියමිත බව ද ඒ මහතා අදහස්‌ කළේය.
මේ වනවිට ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 27 දෙනකු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට සහය දැක්‌වීම පිණිස ආණ්‌ඩුවෙන් පැමිණ ඇතැයි ඒ මහතා කීය.
ගම්පහ, කළුතර, මහනුවර යන දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරමින් පොදු අපේක්‍ෂකයාට සහය දැක්‌වීම පිණිස මැති ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත් වනු ඇතැයිද ඒ මහතා තවදුරටත් කීවේය. [sexypoll id=”9″]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!