“ආණ්ඩුවට ඕන වුනේ කොටින්ගේ මුදල් අයිති කරගන්න” – එ.ජා.ප

Spread the love
  •  
  •  
  •  
  •  

ආණ්ඩුව නිශ්ශබ්දව යුරෝපා සංගමයට කොටි තහනම ඉවත් කරන්නට ඉඩ හැර බලා සිටියේ එම සංවිධානය සතු රුපියල් කෝටි ගණන් යුරෝපයේ ඇති මුදල් සහ ව්‍යාපාර ඇතුලු දේපළ කේ.පී.  හරහා ලබා ගැනීමට හැකි වන නිසා එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක පවසයි.

කොළඹදී මාධ්‍ය අමතනමින් ඔහු කියා සිටියේ කොටි නායකයකු ලෙස ස්විස්ටර්ලන්තයේ පොලිස් අත්අඩංගුවේ පසු වූ පුද්ගලයෙකුට ටෙන්ඩර් කැදවීමකින්  තොරව ජිනීවා හි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවසේ ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීම සදහා රුපියල් කෝටි දෙකකට අධික කොන්ත‍්‍රාත්තුවක් දීමේ සිද්ධියට අදාළ ආචාර්ය PB ජයසුන්දර වාර්තාව පාර්ලිමේන්තුවට, රටට සහ ජනතාවට ආණ්ඩුව වහාම හෙළිකළ යුතු බවයි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!