අහෝ දුකකි…. දිසාපති කාර්යාලය තුල බුදු මැදුරක් හදන්න ගිය වවුනියාවේ දිසාපතිට වුන දේ….

අහෝ දුකකි…. දිසාපති කාර්යාලය තුල බුදු මැදුරක් හදන්න ගිය වවුනියාවේ දිසාපතිට වුන දේ….

Spread the love
  • 457
  •  
  •  
  •  
    457
    Shares

වවුනියාව වැව ඉතාම සුන්දර බැවින් ඒ වටා සංවර්ධනය කොට ඇවිදින මංතීරු සකස්‌ කොට එහි උද්‍යානයක්‌ පිහිටුවීමට වවුනියාව දිසාපති සෝමරත්න විදානපතිරණ මහතාට අදහසක්‌ පහළ විය.
නව දිසාපතිවරයා පැමිණ තවමත් වසරක්‌වත් ගත වී නොමැති වුවත් ඔහුට අවශ්‍ය වූයේ වවුනියාව වැව අවට පරිසරය දියවන්නාවේ තත්ත්වයට රැගෙන ඒමටය. යෝජනාව දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමට ඉදිරිපත් කළේය. එහි සිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා කියා සිටියේ වවුනියාවට එවැන්නක්‌ අවශ්‍ය නොමැති බවයි.
“දිසාපතිවරයා අනෙක්‌ සංවර්ධන කටයුතු ගැන බලාගන්න. ඔය වගේ අවශ්‍යතාවක්‌ ඇති වුණොත් ඒක අපේ උතුරු පළාත් සභාවේ දේශපාලනඥයන් බලාගනියි” යනුවෙන් ද ප්‍රධාන අමාත්‍යවරයා පිළිතුරු දී ඇත.
වවුනියාවට එදා සිට දකුණෙන් පැමිණෙන සිංහල වැසියන් මේ වවුනියාව වැවෙන් දිය නා අසල වූ සයිවර් කඩෙන් කෑම වේලක්‌ කෑ විට යළි කිසි දිනක වවුනියාව අතහැර දමා නොයන බව ප්‍රසිද්ධ කතාවකි.
නමුත් වවුනියාව වැව අවට පරිසරය ලස්‌සන කිරීමට සූදානම් වූ වවුනියාව දිසාපතිවරයාට වවුනියාවෙන් යැමට බඩුමුට්‌ටු ටික බැඳ ගැනීමට සිදුව ඇත.
සෝමරත්න විදානපතිරණ මහතා වවුනියාවට පැමිණි වහාම දිසාපති කාර්යාලය තුළ සර්ව ආගමික මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමට කටයුතු සැලසුම් කළේ සියලු ආගම්වලට අයත් පිරිස්‌ මේ කාර්යාලයේ සේවය කරන නිසාවෙනි.
දිසාපතිවරයා බුදු මැඳුරක්‌ තැනීමට යන බවට දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ රජයේ ඉහළම අයට කරුණු කියා එය නැවැත්වූහ. කේලාම් අසන්නෝ ඇත්ත නොදන්නාකම නිසා දිසාපතිවරයා දැඩි අපහසුතාවට පත්විය.
දෙමළ ජාතික සන්ධානයට බුදු පිළිම, බුදු මැඳුර පෙනෙන්නට බැරි නිසා එහි කරුමය දිසාපතිවරයාගේ කර මතට වැටුණේ ඉතාම අසාධාරණ අන්දමටය. ඒ මැදට වවුනියාව වැව අවට දියවන්නාවක්‌ කිරීමට යැම නිසා දියවන්නාවේ සිටිනා උදවිය දැන් වවුනියාව දිසාපතිවරයා මෙවැනි නව සංවර්ධන කටයුතු නොකරන තැනකට යෑවීමට සැලසුම් අඳිති.
ඒ දෙමළ ජාතික සන්ධානයේ බලපෑම මතය. මීට ප්‍රධාන හේතුව වවුනියාව දිසාපතිවරයා සිංහල ජාතිකයකු වීමයි.
මේ සියලු දේ හමුවේ රුපියල් කෝටි 50 ක පමණ වියදමකින් වවුනියාව දිසාපති කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක්‌ ඉදි කිරීමට කරගෙන යන සැලසුම ද ඇනහිටින තත්ත්වයකට පත්ව තිබේ.

(Visited 471 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!