අසාධ්‍ය වූ ඥාණසාර හිමිගේ හෘද ස්පන්ධන වේගයේ ගැටළුවක්

අසාධ්‍ය වූ ඥාණසාර හිමිගේ හෘද ස්පන්ධන වේගයේ ගැටළුවක්

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද (13) සිදු කිරීමට. නියමිතව තිබූ ශල්‍යකර්මය මෙතෙක් සිදු කර නැහැ.මේ වනවිට ඥාණසාර හිමියන් ප‍්‍රතිකාර ලබන්නේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේයි.මාධ්‍ය කළ විමසීමකදී රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රභාත් වේරවත්ත කියා සිටියේ උන්වහන්සේගේ හෘද ස්පන්ධන වේගයේ ගැටළුවක් පවතින බවයි.මේ හේතුවෙන් ශල්‍යකර්මය සඳහා නිර්වින්ධනය කිරීමේදී ගැටළුවක් මතුවන බව ඔහු කියා සිටියා. විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පැය 48ක් ඥාණසාර හිමියන්ගේ හෘද ස්පන්ධනය පරීක්ෂා කරනු ඇති බවයි වාර්තා වේ.ඉන් පසුව ශල්‍යකර්මය පිළිබඳ තීරණයක් ගන්නා බවයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කියා සිටියේය.අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!