අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයෙන් අකිල විරාජ්ට කුණු බැනුම්…

අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයෙන් අකිල විරාජ්ට කුණු බැනුම්…

Spread the love
  •  
  •  
  •  
  •  

අස්‌ගිරි මහානායක පදවිය යටතේ පවතින රංගිරි දඹුලු රජ මහා විහාරය රජයේ පාලනයට ගැනීමට අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු භාර ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා කටයුතු කරගෙන යැම සම්බන්ධයෙන් අස්‌ගිරි මහා විහාර පාර්ශ්වය දැඩි විරෝධය පළකරයි.
රංගිරි දඹුලු විහාරයේ පසුගිය වකවානුවේදී මූල්‍ය අවභාවිතයක්‌ සිදුවී තිබෙන බවට අමාත්‍යවරයා කරන චෝදනාවෙන් රංගිරි දඹුලු රාජ මහා විහාරාධිපති පදවිය දරන්නට යෙදුණු අස්‌ගිරි මහානායක හිමියන්ට අගෞරවයක්‌ සිදුකර තිබේ යෑයි රංගිරි දඹුලු වත්මන් විහාරාධිපති අස්‌ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම මංගල හිමියෝ පෙරේදා (24 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූහ.
තමන් වහන්සේට පෙර ඓතිහාසික රංගිරි දඹුලු විහාරාධිපති පදවිය හෙබවූ මහානායක හිමියන් මුදල් වංචා කර තිබෙන බවට සාවද්‍ය චෝදනාවක්‌ කරන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා විහාරයෙන් සමාව අයෑද සිටිය යුතු බව ආචාර්ය ගොඩගම මංගල හිsමියෝ එහිදී ප්‍රකාශ කළහ.
අමාත්‍ය කාරියවසම් මහතා රංගිරි දඹුලු විහාරයේ මුදල් අපහරණයක්‌ සිදුවී තිබෙන බව වරක්‌ තමන් වහන්සේට කියා සිටි අතර එලෙස මූල්‍ය වංචාවක්‌ සිදුවී තිබේ නම් පරීක්‍ෂණයකින් සොයා බලන ලෙස තමන් වහන්සේ කළ ප්‍රකාශය වැරදි ලෙස ප්‍රයෝජනයට ගනිමින් කටයුතු කරන බව ද ගොඩගම මංගල හිමිපාණෝ පැවසූහ.
විදේශ සංචාරකයන්ගෙන් සීගිරියට ලැබෙන තරම් ආදායමක්‌ දඹුලු රජමහා විහාරයට නොලැබෙන බවත් දඹුලු රාජමහා විහාරයේ කැටවලට ලැබෙන මුදල් පවතින්නේ බෞද්ධ කොමසාරිස්‌වරයාගේ යටතේ බවත් විහාරාධිපතින් වහන්සේ යටතේ නොවන බවත් උන්වහන්සේ පැවසූහ.
මෙලෙස ඓතිහාසික බෞද්ධ සිද්ධස්‌ථාන රජයේ පාලනයට ගැනීමට යැමෙන් අටමස්‌ථානය සහ සොළොස්‌මස්‌ථානයද රජයේ පාලනයට ගැනීමට ඉඩ තිබෙන බව නායක හිමිපාණෝ පැවසූහ.
ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් විමසීමක්‌ කළ අවස්‌ථාවේ ජනාධිපතිවරයා පැවසුවේ රංගිරි දඹුලු රාජමහා විහාරය රජයේ පාලනයකට ගැනීමට කටයුතු කර නැති බව යෑයි ද ගොඩගම මංගල හිමියෝ කියා සිටියහ.
අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ මෙහිදී අදහස්‌ දක්‌වමින් දැනුමක්‌, අවබෝධයක්‌, මනා අධ්‍යාපනයක්‌ නොලැබුණු මුහුකුරා නොගිය පුද්ගලයන් අමාත්‍ය පදවිවලට පත්වූ විට විවිධ ප්‍රකාශ සිදුකරන බවත් පරිනත බුද්ධියක්‌ හා මුහුකුරා ගිය දැනුමක්‌ හා අත්දැකීමක්‌ ඇති පුද්ගලයන් වගකීමක්‌ ඇති ඇමැති පදවිවලට පත්කිරීම අවශ්‍ය වන බව මනාව පැහැදිලි වන බවත් පැවසූහ.
අස්‌ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!