“අවු 19කින් පස්සේ නේ හම්බුණේ… – අපේ එවුං ඉතිං කා…ගෙන කාගෙන…යනවා” රන්ජා කියයි(VIDEO)

“අවු 19කින් පස්සේ නේ හම්බුණේ… – අපේ එවුං ඉතිං කා…ගෙන කාගෙන…යනවා” රන්ජා කියයි(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

හොරුන්, දූෂිතයන්, මිනීමරුවන් සහ එතනෝල්කාරයන් හෙළිදරව් කිරීමට තමා කරනු ලබන මැදිහත්වීම කිසිම බලවතකුගේ බලපෑම් නිසාවෙන් නවතාලිය නොහැකි යෑයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (17 දා) පැවැසීය. 1948 න් පසු මෙරට බිහිවූ හොඳම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුව මෙය බවත්, මේ සම්මුතිවාද ආණ්‌ඩුව 2020 ටත් වඩා කල් පවතිනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.වත්මන් සම්මුතිවාද රජය යටතේ කිසිවකුට හිරිහැර සිදු නොකරන බවත්, රැකියා ලබා දීමේදීත් ප්‍රධාන පක්‍ෂ දෙකෙහිම පුද්ගලයන්ට සමානව සලකන බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිසාවෙන් ශ්‍රීලනිපයත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිසා එජාපයත් ආරක්‌ෂාවී ඇති බවත් හෙතෙම පැවැසීය.ආණ්‌ඩුව තුළ මත ගැටුම් පැමිණියත් ඒවා බලපාන්නේ ගිය ආණ්‌ඩුවෙත් සහ මේ ආණ්‌ඩුවේත් හොරුන්ට පමණක්‌ බවද කියා සිටි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා තමාගේ කට කවුරුවත් වසා නොමැති බවත්, ඉදිරියටත් ජනතාව වෙනුවෙන් කට ඇරීමට කිසිවෙකුට බිය නොවන බවත් පැවැසීය.සම්මුතිවාදී ආණ්‌ඩුවට වසර දෙකක්‌ පිරීම පිළිබඳව අදහස්‌ දක්‌වමින් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඉහත අදහස්‌ ප්‍රකාශ කර සිටියේය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!