“අවු: 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගයේ කප් එක ගසයි…-දැමු සැණින් එසැණින් වාර්තාව ඉවත්කර ගනී”

“අවු: 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගයේ කප් එක ගසයි…-දැමු සැණින් එසැණින් වාර්තාව ඉවත්කර ගනී”

Spread the love
  • 37
  •  
  •  
  •  
    37
    Shares

ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2017 වසරට අදාළ සම්පූර්ණ වාර්තාව හා 2018 වසරේ මුල් කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඇතුලත් වාර්තාව එම දෙපාර්තමේත්තුව විසින් ඉවත් කරගෙන තිබේ.එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වසර 16 කට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තාවී තිබේ.2016 වසරේදී ආර්ථක වර්ධනය වේගය 4.4 % ක් ලෙස සටහන් වී අති අතර අදාළ වාර්තාවට අනුව 2017 වසරේදී ආර්ථික වර්ධන වේගය 3.1 දක්වා පහත වැටී තිබේ.වාර්තාව සැකසීම සඳහා අවශ්‍ය දත්ත අවසාන මොහොතේ ලැබුණු බවත් ඒ අනුව මෙම වාර්තාව නිකුත් කළ බවත් කෙසේ නමුත් පසුගිය වසරේ මුල් කාර්තුවේ සිට සම්පූර්ණ වර්ෂයේ දත්ත නැවත ගණනය කිරීම හා සංශෝධනය කිරීම අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. ජේ සතරසිංහ මහතා පවසයි.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!