අවුරුදු තෑගී විදිහට රාජිත ඇමතිගේ බිරිඳටත් සභාපතිකමක්…!

අවුරුදු තෑගී විදිහට රාජිත ඇමතිගේ බිරිඳටත් සභාපතිකමක්…!

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය පත් වී තිබේ.ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ 25 වන සංවත්සරය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විනි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වු වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයකි. .සමස්ත සෞඛ්‍ය පරිපාලකයින් නියෝජනය කරන මෙම වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය තේරී පත්වීම විශේෂත්වයකි.
ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක බෝනොවන රෝග පාලනය සදහා වන වැඩපිළිවෙල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් මෙන්ම වැඩි ඵලදායි තත්ත්වයකින් ඉදිරියට ගෙන යන බව විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මෙහිදී සඳහන් කළාය.
සෞඛ්‍ය සම්පන්න නිරෝගී ශ්‍රී ලංකාවක් බිහි කරන බවට සුජාතා සේනාරත්න මහත්මිය පැවැසුවාය.

(Visited 54 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!