“ඉදිරියේදී ආර්ථිකමය වශයෙන් තවත් අපහසුතා” – ඒකාබද්ධ විපක්ෂය

“ඉදිරියේදී ආර්ථිකමය වශයෙන් තවත් අපහසුතා” – ඒකාබද්ධ විපක්ෂය

Spread the love
  •  
  •  
  •  
  •  

මහබැංකුවේ ප‍්‍රතිපත්ති පොළී අනුපාත ඉහළ නැංවීම නිසා ඉදිරියේදී ආර්ථික වශයෙන් තවත් අපහසුතාවලට මුහුණදීමට මහජනතාවට සිදුවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය අනතුරු ඇගෙව්වේය.
ඔවුන් අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන ඊට හේතු පැහැදිළි කළේය.
එහිදී ඔහු පැවසුවේ මෙතෙක් ලංකාවේ කිසිඳු ආණ්ඩුවක් නොකළ අයුරින් පසුගිය වසර එකහමාරක කාලය තුළ විදේශීය වෙළඳපොළ තුළ සියයට එක්දහස් ගණනක අගයකින් විදේශ ණය බර වැඩි කර ඇති බවත් මේ නිසා පොළී අනුපාතය විශාල ලෙස වැඩි වෙන බවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතයද ඉහළ නංවා ඇති බවයි හෙතෙම පැවසුවේ.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!