අලින්ගේ වල්ග කපන දඩමස්‌ කල්ලිය

Spread the love
  •  
  •  
  •  
  •  

රට පුරා ඇසෙන්නේ අහස පොළොව නුහුලනා දුක්‌ඛදායක කතාන්දරය. දරුවන් පැහැරගෙන යාම්, ස්‌ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලාකෑම්, අංක තහඩු නැති වාහනවලින් සිදු කරනා භීෂණයන්, කැලෑ කැපීම්, වනසතුන් දඩයම් නිමක්‌ නැත. ඒ අති උතුම් ධර්ම රාජ්‍යයකට ගිය කලය. පුවත්පත්වල පිටු ගණන් ලියෑවෙන, රූපවාහිනී මාධ්‍යවල ප්‍රධාන සිරස්‌තල මැවෙන මෙවන් කී, නොකී අලඡ්ජී ක්‍රියාකාරකම් හමුවේ පසුගියදා උඩවලව වනෝද්‍යානයේ මව්ආර වැව්පිටියේ ජීවිතය යදිමින් මඩගොහොරුවක වැටී සිටි හස්‌තියකුගේ වලිගය නරුමයකු විසින් කපාගෙන ගිය පුවතද මුල් තැනක්‌ ගත්තේය. පෙර කී පරිදි මේ ධර්ම රාජ්‍යයේ අහස පොළොව නුහුලන අපරාධයක්‌ වන මේ පුවතට දෙස්‌ විදෙස්‌ මාධ්‍යවල ඉහළ තැනක්‌ ලබාදුන්නාට සැක නැත. ජීවිතය තවමත් ගිලිහී නොතිබුණු ගොහොරුවක ගිලී ජීවිතයත් මරණයත් අතර සටනක සිටි ඒ හස්‌තිරජුගේ වලිගය පිහියකින් කපාගෙන යන්නට තරම් හිත් පිත් නැති නරුමයන් පිරිසක්‌ බිහිවීම රටේම අභාග්‍යයක්‌ නොවන්නේද? අඩුම තරමේ මේ අලියාගේ වලිගයේ කෙඳිටික ගලවාගෙන යන්නට තරම්වත් ඉවසීමක්‌ නොතිබූ මේ පාපතරයින් ආයුධයකින් ශරීරාංගයක්‌ කපා දමන්නේ කුමන හිතකින්දැයි අපට නම් හිතාගන්නටවත් නොහැකිය. ගවඝාතකයකුගේ තත්ත්වයට පත්වුණු මෙම අධමයින් අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධයින් වනවාටද සැකයක්‌ නැත. මේ කුරිරු අංගඡේදනය අපට සිහිපත් කරන්නේද අපට සම කරන්නට හැක්‌කේද පසුගියදා සිරියාවේදී අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් කුරිරු ලෙස ගෙල කපා ඝාතනයට ලක්‌ කළ ඇමෙරිකානු මාධ්‍යවේදී ඡේම්ස්‌ රිච් ෙµdලීගේ දුක්‌ඛදායක මරණයටය. එම සිදුවීමත් උඩවලවේ හස්‌තියාගේ වලිගය කපාගෙන යාමත් අතර වෙනසක්‌ දක්‌නට නැත.

නියං කාලය එළැඹෙන විට උඩවලව අවට මස්‌වැද්දන්ට රජ මගුල් බව අප මීට පෙර කියා ඇත්තෙමු. සෙවණගල “මස්‌ සුදා” ඇතුළු ප්‍රධාන පෙළේ මස්‌වැද්දන් හරක්‌ සොරුන්, වනජීවී ඇමැතිගේ අතිශය උවමනාවට මව්ආරට ගෙනවිත් දැමූ මාලුකාරයන් අදටත් උඩවලව වනෝද්‍යානය විනාශය කරා ඇදෙගන යන බව රහසක්‌ නොවේ. හස්‌තියාගේ වලිගය කපාගෙන යැමෙන් මුළු මහත් රටක්‌ ජාතියක්‌ නින්දාවට පත්කර ඇත්තේ අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් බඳු උඩවලවේ එවන් වනජීවී අපරාධකාරයන්ය. නොහොත් වනජීවී දෙපාර්තමේන්තුවෙන් වනජීවී ඇමැතිවරයාගෙන් බලපත් ලබාගෙන උද්‍යානය වනසන පාපතරයන් මේ අපරාධයේ වගකීම භාරගත යුතුව ඇත.

පාඨලී චම්පික රණවක පරිසර අමාත්‍යවරයා දක්‌වා වනජීවී දෙපාර්තමේන්තුව පාලනය කරන ලද වනජීවී අමාත්‍යවරු මෙරටේ වනජීවී රක්‍ෂිත, අභයභූමි හා වනෝද්‍යානවල සංරක්‍ෂණයට අත තිව්වෝ නොවූහ. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වනජීවී සම්පත් කළමනාකරණය මෙන්ම සංරක්‍ෂණය අතින්ද මෙරට වාර්තාවක්‌ තැබූ ඇමැතිවරයා බව කටහැර අපට කිව හැක. එස්‌. එම්. චන්ද්‍රසේන යුගයේදී වනජීවී ක්‍ෂේත්‍රයේ බිඳ වැටීම් ගණනාවක්‌ සිදු වු අතර, එහෙත් ඔහු වනජීවී සංරක්‍ෂණයේ ගැටලු, අඩුපාඩු තැන් මාධ්‍ය මගින් පෙන්වා දුන් විටදී හෝ හදාගන්නට උත්සාහ දැරුවේය. එහෙත් වනජීවී ක්‍ෂේත්‍රයේ සංරක්‍ෂණ කටයුතු කඩා වැටීමකට ලක්‌ වූයේ නම් ඒ වත්මන් වනජීවී ඇමැති විජයමුණි සොයිසා මහතාගේ කාලයේදී බවද අපට පිළිගැනීමට සිදු වේ. මාදුරුඔය වනෝද්‍යානයට ගෘහාශ්‍රිත හරක්‌ 25,000 ක්‌ පමණ ඇතුළු කර උන්ට වනෝද්‍යානය භාර දී අලි මිනිස්‌ ගැටුමකට මඟ පාදන්නේ වත්මන් වනජීවී ඇමැතිවරයාගේ පාලන සමයේදීය. ඊට එරෙහිව හරක්‌ ජාවාරම්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ මාදුරුඔය උද්‍යාන පාලන රවීන්ද්‍ර මහතා එක්‌ වසරක්‌ තුළ ස්‌ථාන 3-4 කට මාරු කර යවන්නේද ඔහුගේ වනජීවී පාලන සමයේදීය. හොරගොල්ල ජාතික උද්‍යානය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උවමනාවට වසා දමන්නේද ඔහුගේ පාලන සමයේදීය. ගල්ඔය, උඩවලව, හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යාන තුළ ජාවාරම්කරුවන් මැණික්‌ ගරන්නේද වත්මන් වනජීවී ඇමැතිගේ කාලසීමාව තුළදීය. එපමණක්‌ නොව මෙරට වගකිව යුතු ජනමාධ්‍ය හා පරිසරවේදීන්ගේ විරෝධතා නොතකා උඩවලට වනෝද්‍යානය තුළ ඇති මව්ආර ජලාශයේ ඔරු 50 කට හා මසුන් මරන්නත් 100 කට මසුන් මැරීමට අවසර ලබා දෙන්නේත් වත්මන් වනජීවී ඇමැති විජයමුණි සොයිසාගේ පාලන සමයේදීය.

මෙසේ උද්‍යානය තුළ මසුන් මැරීමට අවසර ලබාදීම පැහැදිලිවම වන සත්ත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥා පනත, නොහොත් වනජීවී පනත උල්ලංඝණය කිරීමක්‌ බව ජනමාධ්‍යයද පරිසරවේදීහුද කියා සිටියහ. මෙසේ එකසිය ගණනක්‌ වූ ජනකොටසකට උඩවලව වනෝද්‍යානයට ඇතුළුවීමට අවසර ලබාදීම මගින් උද්‍යානයේ පරිපාලන කටයුතු මෙන්ම සංරක්‍ෂණ කටයුතු දැඩි ලෙසම බිඳ වැටෙන බව අප මීට පෙර පෙන්වා දුන්නෙමු. මසුන් මැරීමට උද්‍යානයට ලයිසන් පිට ඇතුල් වන්නා වන සතුන්ටද ගිනි බිඳින බවටත්, දඩමස්‌ ජාවාරම ඇත්දළ ජාවාරම මෙන්ම අලි මිනිස්‌ ගැටුම ඉහළ යන බවටත් අප පෙන්වා දුන්නෙමු. එහෙත් ඊට පිළිතුරක්‌ දුන් ඇමැති විජයමුණි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ ජනමාධ්‍ය හා පරිසරවේදීන් වනජීවී නීතිය නොදන්නා බවත් පාරම්පරිකව ජලාශ තුළ මසුන් මැරීමට ධීවරයින්ට හැකි බවත්ය. එහෙත් ඇමැතිවරයාට උපදෙස්‌ දුන් උපදේශකයින්ද, වනජීවී දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ද එක්‌කෝ ඇමැතිවරයා ඇන්ද වූහ. නැතහොත් විරෝධතා නොතකා කන්නට ඕනෑ නම් කබරගොයාද තලගොයා කිරීමේ න්‍යායයෙන් මේ තුන් කට්‌ටුව රට හදන තැනද ගොනාට අන්දන්නටත් කටයුතු කළේය. අවසානයේදී කාටත් හොරා ඌව පළාතේ, මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ තම ඡන්දබල ප්‍රදේශයේ දේශපාලන ගැත්තන් එකසිය ගණනකට ඇමැතිවරයා උඩවලවේ මව්ආර ජලාශයේ මසුන් මැරීමට අවසර දුන්නේය. අද දුක්‌ඛදායක ලෙස ෙ€දනීය ලෙස ජීවත්ව සිටින වන අලියකුගේ වලිගය ආයුධයකින් කපාගෙන යන්නේ මෙසේ බලපත්‍ර ලබාදී මව් ආරට ඇතුලත් කර ඇති ධීවරයින් සිය දෙනකු ගැවසෙන එම මව්ආරෙහිම ගොහොරුවක ලැග ජීවිතය යදිමින් සිටි ඇතින්නකගේය. එසේම බුදුන් වහන්සේට පුද පූජා තබන අති උතුම් බිනර පෝ දිනයේදීය. මෙම හස්‌තියා පසුව මරණයට පත්වූ අතර ඊට වලිගය කැපීමෙන් සිදු වූ රුධිර වහනයද හේතුවක්‌ වී ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී වනජීවී පශු වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇත. අමාශයේ ගෙඩියක්‌ හැඳී රෝගාතුරව හිඳ ඇති මෙම ඇතින්න තවමත් වයස අවුරුදු 5-6 ක්‌ වූ නාඹර වයසේ පසු වූවාය. මේ දිනවල පවතින දැඩි ජල හිඟය හා ආහාර හිඟය හේතුවෙන් වෙහෙසට පත්ව අමාශගත රෝගයෙන්ද ඔත්පලව දිය පොදක පහස පතා පැමිණි ඇය මව්ආර ගලාගෙනවිත් මව්ආර ජලාශයට එක්‌වන මෝදරේ ගොහොරුවේ එරී ඇද වැටුණාය. තම දුක හඬගා කියන්නට නොහැකි මෙම වල්සතා මනුස්‌සයාගෙන් ජීවිතය යදිද්දී මෙසේ රුදුරු පිහිපාරකට වල්ගය ඡේදනය වී රුධිරය මව්ආරට මුසු වෙද්දී ක්‌ලාන්තයව හා වේදනාවෙන් දැඟලුවාය. එහෙත් ඇයගේ දුක බලන්නට සමත් දුක දැනගන්නට සමත් මසුන් මරන්නෙකු ඇමැති විජයමුනි මව්ආරට ලයිසන් දී එවා තිබුණේ නැත. මේ සාඩම්බර ඇතින්න ජාතියේම කෲරත්වය ලොවට විදහාපාමින් දින කිහිපයකින් අවසන් සුසුම් හෙළුවාය. මේ පිළිබඳව අපට අදහස්‌ දැක්‌ වූ උඩවලව ගම්මානයේ කිහිප දෙනකු මාධ්‍යවේදීන් හා වනජිවී නිලධාරීන්ද මේ පාපතර ක්‍රියාවේ වගකීම තැබුවේ වනජීවී නිලධාරීන්ට පාලනය කරගත නොහැකි මාලුකාරයන් අතය. “ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවයි” කීවාක්‌ මෙන් වනජීවී නිලධාරීන්ව පාලනය කරගත නොහැකි වනජීවී උපදේශක මණ්‌ඩලය ඇතුළු වනජීවී ඇමැත්තන් ගේ උවමනාවට අද උඩවලව සූරාගෙන කන්නට ඌවේ, මොණරාගල දේශපාලන ගැත්තන්ට මස්‌ වැද්දන්ට අවසර ලැබී තිබේ. උන් ඇති තරම් ගෘහාශ්‍රිත එළහරක්‌ මී හරක්‌ උඩවලව ඇතුළු වනෝද්‍යාන තුළට ගාල්කර වනඅලින්ගේ නිජබිම උන්ට උදුරා දී ඇති අතර ඒ මතුද නොව, උන්ගේ දළ, වල්ගය කපා ගනිමින් රීරිමාංශයද උරා බොන්නට ඉඩ ලබාදීම ජාතියේම ෙ€දවාචකයක්‌ නොවේද? අද සිරියාවේදී අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයන් ඡේම්ස්‌ රිච් ෙµdaලී වැනි මාධ්‍යකරුවන් හරක්‌ මරන්නාසේ ගෙලකපා ඝාතනය කරද්දී උඩවලවේ මස්‌වැද්දන් අලින්ගේ වලිග කපාගෙන යැම එක කාසියේම දෙපැත්තක්‌ සේ ලෝකවාසීන් නොදකින්නේද? වනජීවී සංරක්‍ෂණය මේ තරම් වල්වැදී ඇත්තේ ඇයි?

ජගත් කණහැරආරච්චි

 

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!