අල්කයිදා ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ ලාංකික මුසල්මානුවා හෙට ලංකාවට

Spread the love
  •  
  •  
  •  
  •  

අල්කයිදා ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ මොහමඩ් හුසේන් හෙවත් මොහමඩ් සුලෙයිමන් නමැති ශ්‍රී ලාංකික ත්‍රස්‌තයා හෙට (15 දා) ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට මැලේසියානු රජය තීරණය කර ඇත.
මේ බව මැලේසියානු ආරංචි මාර්ග අද (14 දා) හෙළි කළේය.
තමිල්නාඩුවේ ඇමරිකානු සහ ඊශ්‍රායල් තානාපති කාර්යාලවලට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුම් කිරීම ගැන මොහුව ඉන්දීය රහස්‌ පොලිසියට බාරදෙන ලෙස ඉන්දීය රජය මැලේසියානු රජයෙන් ඉල්ලා තිබිණි.
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මැලේසියානු රජය ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකික පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුගේ රැකවල් යටතේ අද මෙරටට ගෙන එන මොහුව ත්‍රස්‌ත මර්දන නිලධාරීන් විසින් කටුනායකදී අත්අඩංගුවට ගනු ඇත.
මොහමඩ් සුලෙයිමන්ව බේරාගැනීම සඳහා මැලේසියානු මානව හිමිකම් සංවිධාන දැරූ උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ. විදේශ බුද්ධි සේවාවන් විසින් සුලෙයිමන්ව ත්‍රස්‌ත කටයුතුවලට යොදවාගෙන තිබූ බව අනාවරණය වී ඇත.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!