අර්ජුනගේ නියෝගයෙන් වෙඩි කෑ පුද්ගලයන් දෙදෙනාම මරුට (VIDEO)

අර්ජුනගේ නියෝගයෙන් වෙඩි කෑ පුද්ගලයන් දෙදෙනාම මරුට (VIDEO)

Spread the love
  • 58
  •  
  •  
  •  
    58
    Shares

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ අද( 28) සවස සිදු වූ වෙඩි තැබීමෙන් එහි තවත් සේවකයකු මියගොස් තිබේ.
ඒ අනුව මේ වන විට එම වෙඩි තැබිම හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
තවත් එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර සිටියි.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අද ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත ඔහුගේ ආරක්ෂකයෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද සවස 3.50 ට පමණයි.
දෙමටගොඩ ගුවන් පාලම අසල ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය බඩුබාහිරාදිය ගැනීමට පැමිණ ඇති අතර එහිදී යම් නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව තිබේ.
එම අවස්ථාවේ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයකු වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළ අතර එම අවස්ථාවේ එහි තත්වය ජංගම දුරකතන කැමරාවක පටිගත වී තිබුණේය.
එම අවස්ථාවේදි සංස්ථා සේවකයන් තිදෙනකු වෙඩි වැඩි තුවාල ලබා ඇති අතර ඔවුන් වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සොයිසා සහ ගාමිණී ලොකුගේ යන මහත්වරුන් එම ස්ථානයට පැමිණියාය.
තත්ත්වය පාලනය කිරීම සඳහා පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යෙදවීමට කටයුතු කර තිබේ.
මේ අතර එම අවස්ථාවේදී සංස්ථා පරිශ්‍රෙය් සිර වී සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම බලකායේ නිල ඇඳුමක් අන්දවා ගොඩනැගිල්ලෙන් පිටතට රැගෙන ගිය ආකාරය දක්නට ලැබින.

(Visited 136 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!