අයි.පී රංගජීව සුපුරුදු රාජකාරි අරඹමින් රටම හෙල්ලූ හැටි..?

අයි.පී රංගජීව සුපුරුදු රාජකාරි අරඹමින් රටම හෙල්ලූ හැටි..?

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

බේරුවල බලපිටිය මුහුදු තීරයේදී සිදු කළ වැටලීමකින් රුපියල් මිලියන 2778 ක් පමණ වටිනා මත් තොගයක් සොයා ගෙන ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමත් වී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද දෙවන විශාලතම මත් තොගය මෙය බවයි පොලිසිය පවසයි.පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ද සහය ඇතිව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අදාළ තොගය සහ එය ප‍්‍රවාහනය කෙරුණු බෝට්ටුවද අත්අඩංගුවට ගැනුනා.අත්අඩංගුවට ගත් තොගයේ බර කිලෝ 231 යි ග්‍රෑම් 54 ක් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළ අතර මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම මත් තොගය ලෙස හැඳින්වෙන්නේ පසුගිය 2013 වසරේදී රේගුව සමඟ සිදුකළ වැටලීමකදී සොයාගත් හෙරොයින් කිලෝ 260 ක ප්‍රමාණය වේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් 38 සහ 34 වියේ අය බවයි පොලිසිය සඳහන් කරයි.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!