අයිසිස් නායකයා මරා දමයි

අයිසිස් නායකයා මරා දමයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

අයිසිස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි  එක්සත් ජනපද හමුදා ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි විශ්වාස කරයි . එක්සත් ජනපද හමුදා විසින් සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේදී කරන ලද ප්‍රබල මෙහෙයුමකදී ඔහු මියගොස් ඇතැයි පැවසේයි. එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකායේ ප්‍රහාරයන් හමුවේ අයිසිස් නායකයා සියදිවි නසා ගැනීමේ ඇඳුමක් පුපුරවා ගනිමින් මියගොස් ඇතැයි කියවේයි.මේවනවිට එම මළ සිරුර ත්‍රස්ත නායකයාගේ බව තහවුරු කිරීමට අවශ්‍ය ඩීඑන්ඒ පරීක්ෂණය පවත්වමින් සිටින බවද වාර්තා වේ. අද(27) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශනයක් සිදුකිරීමට නියමිත බවද, ධවල මන්දිරය නිවේදනය කරයි. ඔහු ‘වැදගත්, විශාල යමක් මේ දැන් සිදුවුණා’ ලෙසින් ඊයේ(26) ට්විට්ර් ප්‍රකාශයක් නිකුත් කර තිබිණි

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!