අයිතිකරුවෙකු නොමැති වැන් රථයක් නිසා දෙහිවල නැවතත් උණුසුම්

අයිතිකරුවෙකු නොමැති වැන් රථයක් නිසා දෙහිවල නැවතත් උණුසුම්

Spread the love
  •  
  •  
  •  
  •  

දෙහිවල අතපත්තු මාවත පල්ලිය අසළ මාර්ගයේ නවතා තිබු සැකකටයුතු  වෑන් රියක් අසළ සිටි පුද්ගලයකු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පමණ තැනැත්තෙක් බව පොලීසිය සඳහන් කරයි. මාර්ගය අසළ නවතා තිබූ වෑන්රියට අයිතිකරුවකු නොසිටි බැවින් අතපත්තු මාවත මුළු මනින්ම වසා දමා, ආරක්ෂාව තර කර, සෝදිසි කටයුතු ආරම්භ කෙරිණ. එහෙත් සුළු වේලාවකට පසුව වාහනයේ අයිතිකරු පැමිණීම නිසා සෝදිසිය අතහැර දමන ලදි.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!