“අයහපත් කාලගුණය නිසා මියගිය අයට මගේ බලවත් ශෝකය…” – සිරිසේන ඕස්ට්‍රේලියාවේ සිට කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (26 දා) උදැසන අදාළ අංශ වෙත ඔස්‌ටේ්‍රලියාවේ සිට උපදෙස්‌ දුන්නේය.
ඔස්‌ටේ්‍රලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා ස්‌වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් උපදෙස්‌ ලබා දුන්නේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන කටයුතු සඳහා කඩිනම් වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නංවන ලෙසයි.
ඒ සඳහා අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මඟින් ලබා ගැනීමට ද ජනාධිපතිවරයා උපදෙස්‌ දුන්නේය.
එමෙන්ම ආපදාවට පත් ජනතාව මුදාගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද උපදෙස්‌ දුන් ජනාධිපතිවරයා අවතැන් වූ ජනතාව වෙනුවෙන් අඛණ්‌ඩවම සුබසාධන කටයුතු ක්‍රියාත්මක කිරීමට සහ අදාළ අංශ සම්බන්ධ කර ගනිමින් මෙම කටයුතු පිළිබඳ නිරන්තරයෙන් සොයා බලන ලෙස ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා වෙත දැනුම් දෙන ලදී.
එමෙන්ම හදිසියේ ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්‌ෂයට පත් වූ සියලු දෙනාගේ පවුල්වල ඥතීන් වෙත ජනාධිපතිතුමා සිය බලවත් ශෝකය පළ කරන අතරම පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සිය කනගාටුව පළ කර සිටියි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!